Thursday, May 21, 2026

 

කලා වැව


කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව මෙය වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෙෙලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ අවුකන බුදු පිළිමයද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.

කලා වැව

ගමන් මාර්ගය

දඹුල්ල හරහා අනුරාධපුර මාර්ගයේ කැකිරාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් කැකිරාව නගරයේ සිට සැත්පුම් 6 ක් (9.7 කි.මි.) දුරින් මෙම වැව පිහිටා ඇත.

ඉතිහාසය

ක්‍රි.ව. පස්වන ශතවර්ශයේ රජකම් කෙරූ ධාතුසේන රජු විසින් කලා වැව ඉදිකරන ලදී. කලා වැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බලලු වැව නමින් තවත් වැවක් ඉදිකරනු ලබූ අතර එම වැව් දෙක එක්කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කෙරිණි. ධාතුසේන රජුගෙන් අනතුරුව ඔහුගේ පුත් වූ දෙවන මහින්ද රජු (ක්‍රි.ව. 777-797) විසින්ද තවදුරටත් මෙම වැව පුළුල් කරනු ලැබීණි.

අතීත සබැඳි

කලා වැව ඉදි කෙරෙමින් පවතින කාලයේ කාල නම් කොළුගැටයෙක්ද මේ හා සම්බන්ද වෙමින් කටයුතු කල බව පැවසෙයි.

පිළිසකර කිරීම්

කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ. මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877) සහ සර් අාතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890)  සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.

වැවෙහි ප්‍රමාණය

වැවෙහි වට ප්‍රමාණය සැතපුම් 40ක් (කි.මි. 64.4) පමණ වන අතර මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7 ක් (වර්ග කි.මි. 18.1) පමණ වේ. අමුණේ දිග අඩි 22,572 ක් (6,879.9 මි) හා එහි උස අඩි 48 ක් (14.6 මී) පමණ වේ. පිටවාන අඩි 216 පළලකින්ද අඩි 170 දිගකින්ද යුක්ත වේ. කලා වැවේ ඉවුර උසින් අඩි 60ත් 80ත් අතර අගයක් වන අතර පළල අඩි 200ක් පමණ වේ. එය දිගින් සැතපුම් 3ක් පමණ වේ.

අරමුණු

පුරාණයේ පැවති විශාලතම වැවක් සේ සලකණු ලබන මෙම වැව මගින් ඊට ආසන්නයේ පිහිටි කුඩා වැව් සදහාද ජලය සපයා තිබේ. අනුරාධපුර අගනගරයේ පිහිටි ජනතාවට ජලය සැපයීමට කලා වැවේ සිට ජලය ජය ගඟ හරහා තිසා වැවට රැස් කර ඇත. මහවැලි ජලාප්‍රවාහන යොජනා ක්‍රමයේ ප්‍රධාන රැදවුම් ස්ථානයක් වන මෙම වැව 1976 සිට ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ජනතාවට ජලය සපයා ඇත. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, වෘක්ෂලතා සදහා විශේෂයෙන්ම මිටියාවත් පිහිටි තණකොළ සදහා ජලය සැපයීම ආදිය සඳහා වැවෙහි ජලය භාවිතා කරයි.

Thursday, May 14, 2026

දියසරු උයන තෙත්බිම් උද්‍යානය


නුගේගොඩ පාගොඩ වෙට්ලන්උද්යානය ,බැද්දගාන තෙත්බිම් උද්යානය ඒ ස්ථාන තමයි කොළඹට ළඟම ඒ බව ඔබ දන්නවා. ඔබ එහි බොහෝ වෙලාවට ගිහින් විඩාව නිවාගෙන එන්නත් ඇති. ඒත් අද මම කියන්න යන තැන ගැන වැඩියකවුරුත් දන්නෙ නෑ මම දැක්කෙත් අහම්බෙන්, ඒ.තමයි.දියසරු උයන.
මේ උද්යානය පිහිටලා තියෙන්නේ හරියටම කිව්වොත් අගනුවර පාර්ලීමේත්තුව ඉදිරිපිට.අක්කර 60ක භූමි ප්රමාණයක පැතිරිලා තියන දියසරු උද්යානය විවෘත වුණේ දැනට අවුරුදකට කලින්. උද්යානය තුලට යන්න කලින් මෙහි ආරම්භය ගැන කියන්නම්.
1981 මේ උද්යානය තිබෙන ප්රදේශය කුඹුරු වෙල් යායක් ඒ.කාලේරදේශය යොදාගෙන තියෙන්නේ දියවන්නාව හෑරීමේදී ඉවතලන පස් ගොඩ කිරීමට.පසුව මහ වැහි වලට ගොදුරු වෙච්ච මේ.මුඩු බිම කාලයත් සමග වගුරු බිමක් බවට පත්වෙලා. ඒ විතරක් නොවෙයි කොළඹ ගංවතුර පාලන ප්රදේශය වෙලා තියෙන්නෙත් මේ භූමිය කාලයත් එක්ක කොළඹ සංවර්ධන වෙනකොට ගම්බිම් වල හිටපු සත්තු මේ භූමිය තමන් ගේ වාසස්ථාන බවට පත් වෙලා.

 
ගමේ මිනිස්සු කෘෂිකර්මාන්තයේ යෙදුන මේ බිම දියවන්නාවේ පාර්ලීමේත්තුව ඉදිකිරීමේ ආරම්භයත් සමග රජයට පවරාගෙන තිබෙනවා.ඊට පස්සේ මේ 2010 ලංකාවට සිදු වුණ ගංවතුර බලපෑමත් එක්ක ලැබිච්ච ප්රතිපාදන වලින් වගුරු බිම් සංවර්ධන සඳහා රජය කටයුතු කරන වෙලාවේ මේ භූමියෙත් ඇල මාර්ග හදලා සංවර්ධන සිද්ධ වෙලා අද වෙනකොට උද්යානයක් බවට පත්වෙලා තියනවා.
උද්යානයනයට ඇතුළු වෙනකොට මෙහි නඩත්තු කටයුතු සඳාහා පුංචි ටිකට් එකක් ගන්න සිද්ධ වෙනවා මෙය නැරඹීමට එන අයගේ වාහන නතර කිරීම සඳාහා ඉදිකර ඇති අපූරු අංගනය අසල තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ ඒ අඩලම එන අයට ගිමන් නිවාගන්න අපූරු හටි එකකුත් සනීපාරක්ෂක කටයුතු සදාහා ස්ථානයකුත් උද්යානය ඉදිරිපිට තියනවා.
ස්භාවික වැල් වලින් සැදූ උමගක් මැදින් උද්යානයට ඇතුළු වෙන පාර නිර්මාණය කරලා තියනවා ඒ වගේම වගුරු බිමකින් කෙරෙන කාර්යභාරය ගැන සහ උද්යානයේ නැරඹීමට ඇති දේ ගැන තැන පුවරු සවිකර තියෙනවා.ඒ නිසා මෙහි ඇවිදින්න මාර්ගෝපදේශකයෙක් අවශ්ය වෙන්නෙ නෑ.

දියසරු උද්යානයේ මුලින්ම හම්බෙන්නේ සමනළ උයන ඇල මාර්ගය අසලින් ඇති මේ උයනේ විශාල උන පඳුරු මල් වගාවන් වගේම වැටකෙය්යා පඳුරු දැකගන්න පුළුවන් උද්යානය බහුලව දකින්න පුළුවන් ගස් වර්ගට තමයි දං ගස්.මේ දවස් වලනම් දං ගස් ඵල බවවෙලා තියෙන්නේ.ඒ වගේම උද්යානය ඇල මාර්ගය දීගේ ගිහින් නැරඹීමට ත් බෝට්ටු සේවයක් මෙහි ක්රියාත්මක වෙනවා.

දියසරු උද්යානයට තලවතුගොඩ තෙත්බිම් උද්යානය කිලයත් කියනවා ඒ වගේම මේ උද්යානය හුඟක් ජනප්රිය පරිසරවේදීන් අතර.මොකද කොළඹ කුරුල්ලො නරඹන්නට තියන හොඳම තැන තමයි මේ උද්යානය.කුරුල්ලො නැරඹීම සඳහා විශේෂ මැදිරියකුත් නිර්මාණය කරල තියනවා.දියසරු උද්යානය ගැන කියන්න දේවල් නම් හුඟක් තියනවා.ඉතින් ඒ හැමදේම කිව්වොත් යන කෙනෙකුට අගයක් නැතිවෙනවා. ගිහින්ම විඳින එක තමයි වඩාත් හොඳ.ඔබත් යන්න සුන්දරත්වය විඳින්න.පියසටහන් පමණක් ඉතිරිකර එන්න.


නුගේගොඩ පාගොඩ වෙට්ලන්උද්යානය ,බැද්දගාන තෙත්බිම් උද්යානය ඒ ස්ථාන තමයි කොළඹට ළඟම ඒ බව ඔබ දන්නවා. ඔබ එහි බොහෝ වෙලාවට ගිහින් විඩාව නිවාගෙන එන්නත් ඇති. ඒත් අද මම කියන්න යන තැන ගැන වැඩියකවුරුත් දන්නෙ නෑ මම දැක්කෙත් අහම්බෙන්, ඒ.තමයි.දියසරු උයන.
මේ උද්යානය පිහිටලා තියෙන්නේ හරියටම කිව්වොත් අගනුවර පාර්ලීමේත්තුව ඉදිරිපිට.අක්කර 60ක භූමි ප්රමාණයක පැතිරිලා තියන දියසරු උද්යානය විවෘත වුණේ දැනට අවුරුදකට කලින්. උද්යානය තුලට යන්න කලින් මෙහි ආරම්භය ගැන කියන්නම්.
1981 මේ උද්යානය තිබෙන ප්රදේශය කුඹුරු වෙල් යායක් ඒ.කාලේරදේශය යොදාගෙන තියෙන්නේ දියවන්නාව හෑරීමේදී ඉවතලන පස් ගොඩ කිරීමට.පසුව මහ වැහි වලට ගොදුරු වෙච්ච මේ.මුඩු බිම කාලයත් සමග වගුරු බිමක් බවට පත්වෙලා. ඒ විතරක් නොවෙයි කොළඹ ගංවතුර පාලන ප්රදේශය වෙලා තියෙන්නෙත් මේ භූමිය කාලයත් එක්ක කොළඹ සංවර්ධන වෙනකොට ගම්බිම් වල හිටපු සත්තු මේ භූමිය තමන් ගේ වාසස්ථාන බවට පත් වෙලා.


 
ගමේ මිනිස්සු කෘෂිකර්මාන්තයේ යෙදුන මේ බිම දියවන්නාවේ පාර්ලීමේත්තුව ඉදිකිරීමේ ආරම්භයත් සමග රජයට පවරාගෙන තිබෙනවා.ඊට පස්සේ මේ 2010 ලංකාවට සිදු වුණ ගංවතුර බලපෑමත් එක්ක ලැබිච්ච ප්රතිපාදන වලින් වගුරු බිම් සංවර්ධන සඳහා රජය කටයුතු කරන වෙලාවේ මේ භූමියෙත් ඇල මාර්ග හදලා සංවර්ධන සිද්ධ වෙලා අද වෙනකොට උද්යානයක් බවට පත්වෙලා තියනවා.
උද්යානයනයට ඇතුළු වෙනකොට මෙහි නඩත්තු කටයුතු සඳාහා පුංචි ටිකට් එකක් ගන්න සිද්ධ වෙනවා මෙය නැරඹීමට එන අයගේ වාහන නතර කිරීම සඳාහා ඉදිකර ඇති අපූරු අංගනය අසල තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ ඒ අඩලම එන අයට ගිමන් නිවාගන්න අපූරු හටි එකකුත් සනීපාරක්ෂක කටයුතු සදාහා ස්ථානයකුත් උද්යානය ඉදිරිපිට තියනවා.

ස්භාවික වැල් වලින් සැදූ උමගක් මැදින් උද්යානයට ඇතුළු වෙන පාර නිර්මාණය කරලා තියනවා ඒ වගේම වගුරු බිමකින් කෙරෙන කාර්යභාරය ගැන සහ උද්යානයේ නැරඹීමට ඇති දේ ගැන තැන පුවරු සවිකර තියෙනවා.ඒ නිසා මෙහි ඇවිදින්න මාර්ගෝපදේශකයෙක් අවශ්ය වෙන්නෙ නෑ.

දියසරු උද්යානයේ මුලින්ම හම්බෙන්නේ සමනළ උයන ඇල මාර්ගය අසලින් ඇති මේ උයනේ විශාල උන පඳුරු මල් වගාවන් වගේම වැටකෙය්යා පඳුරු දැකගන්න පුළුවන් උද්යානය බහුලව දකින්න පුළුවන් ගස් වර්ගට තමයි දං ගස්.මේ දවස් වලනම් දං ගස් ඵල බවවෙලා තියෙන්නේ.ඒ වගේම උද්යානය ඇල මාර්ගය දීගේ ගිහින් නැරඹීමට ත් බෝට්ටු සේවයක් මෙහි ක්රියාත්මක වෙනවා.

දියසරු උද්යානයට තලවතුගොඩ තෙත්බිම් උද්යානය කිලයත් කියනවා ඒ වගේම මේ උද්යානය හුඟක් ජනප්රිය පරිසරවේදීන් අතර.මොකද කොළඹ කුරුල්ලො නරඹන්නට තියන හොඳම තැන තමයි මේ උද්යානය.කුරුල්ලො නැරඹීම සඳහා විශේෂ මැදිරියකුත් නිර්මාණය කරල තියනවා.දියසරු උද්යානය ගැන කියන්න දේවල් නම් හුඟක් තියනවා.ඉතින් ඒ හැමදේම කිව්වොත් යන කෙනෙකුට අගයක් නැතිවෙනවා. ගිහින්ම විඳින එක තමයි වඩාත් හොඳ.ඔබත් යන්න සුන්දරත්වය විඳින්න.පියසටහන් පමණක් ඉතිරිකර එන්න.

Wednesday, April 29, 2026

 

සබරගමුවේ උසම කඳු මුදුන ගොන්ගල කන්ද


 අද අප කතා කරනු ලබන ගොන්ගල කදු මුදුන දකුණු ලක පුංචි නුවරඑළිය ලෙසින් විරුදාවලිය ලද්දකි. ශ්‍රී ලංකාවේ උසින් පහලොස්වන පහළොස්වන කඳු මුදුන ලෙසින් මෙය නම් කර ඇති අතර එහි උස අඩි හාරදාස් හාරසිය පනස් පහක් පමණ (අඩි 4455) ලෙස සඳහන් වෙයි. මෙම කඳු මුදුන පිහිටි සබරගමුව කඳුකර කලාපය බුළුතොට රක්වාන කඳු ලෙස ද හැදින්වෙයි. මෙම කඳු පන්තිය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික් මායිමේ පිහිටි දෙනියාය නගරයට ආසන්නයේ ය. එබැවින් මෙම කඳු මුදුන දෙනියාය රක්වාන මාර්ගයේ ගමන් කිරීමේ දී දැකගත හැකි වේ. එමෙන් ම ගිං ගඟ පෝෂණය කරන්නා වූ ප්‍රධාන ගංගා දෙකක් මෙම කඳුකර කලාපයෙන් ආරම්භ වීම ද මෙහි එන තවත් එක් සුවිශේෂීත්වයකි.

               ගොන්ගල යන නාමය මෙම කඳු පන්තියට හිමිව ඇත්තේ මෙහි කඳු මුදුන ගොනෙකුගේ හිසාකාර ගල්පර්වතයක් මෙන් පිහිටීමත් එකල මෙම ප්‍රදේශය ගොනුන්ගේ රාජධානියක් වීම නිසා ත් බව විශ්වාස කෙරේ.
               මෙහි නියම ගමනාන්තයට ළඟාවන මාර්ගය  නාමික හමුදාවේ ප්‍රධාන නාවික සන්නිවේදන පද්ධතිය හා අනෙකුත් මාධ්‍ය ආයතන වල විකාශන කුළුණු ස්ථාපිත කර ඇති අධි ආරක්ෂිත කලාපයේ ය එබැවින් ගොන්ගල දක්වා ගමන් කිරීමට නම් එහි නාවික හමුදා කදවුර දැනුවත් කර ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්යය වේ. මෙහි උසම ස්ථානයේ ගල්තලාව වෙත ප්‍රවිශ්ට වූ විට දකුණු පළාතේ හා සබරගමු පළාතේ විශාල ප්‍රදෙශයක් මෙහි සිට නිරීක්ෂණය කල හැකි වීමත් මෙහි එන සුවිශේෂීත්වයකි. කඳු මුදුන වෙත යන ගමනේදී කුඩා ජල පහරවල් හමුවන නිසා ඒවායෙහි ජලය සපයා ගැනීම ද කළ හැකි වීමත් මෙහි අත්හරින ලද එනසාල් වගාවක් ද දැකිය හැකි වීමත් ඉතාම සෞම්‍ය ගුණයෙන් යුතු පරිසර වටපිටාවකින් සමන්විත වීමත් මෙහි එන කාගේත් නෙත් සිත් සනහාලන්නේය.

සීත මීදුම් වළාකුළුවලින් බරිත මෙම කඳුකර ප්‍රදේශය දේශීය සංචාරකයින්ගේ වැඩි ඇස ගැටීමක් නොමැති නිසා තවමත් මෙහි ස්වභාවිකත්වය ආරක්ෂා වෙමින් පවතී. නමුත් බොහෝ දේශීය සංචාරකයින් මේ වන විට ගොන්ගල කන්ද තරණය කිරීමත් දක්නට ලැබෙනුයේ ම එහි පවතින සුන්දරත්වය නිසා ම බවත් කිව යුතුමය. කන්දේ එක පසෙකින් නොව නොපෙනෙන මානය තෙක් විසිරී ගිය සිංහරාජ අඩවියත් අනෙක් පසින් මධ්‍යම කඳුකරයේ කඳු පන්ති හා තවත් පසෙකින් වියළි කලාපයේ විශාල ප්‍රදේශ දිස්වීමත් නිසා මෙම කඳු මුදුනේ ඇති සුන්දරත්වය අපරිමාණ වන්නේ ඒ නිසාමය.
                නොසන්සිඳෙන කඳු තරණය කරන්නන් වෙනුවෙන් ගොන්ගල කන්ද තරණය කිරිම කඳු තරණය කරන්නන්ගේ සා පිපාසාව නිවා ගැනීමට නම් ගෝග්‍ය වන්නේමය

Tuesday, April 21, 2026

නාගදීපය


 

නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපයම ඇතුළත් විශාල ප්‍රදේශයකි. වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක්‌ එහි තිබිණි. ප්‍රසිද්ධ වරායක්‌ වූ උරාතොට දැන් කයිට්‌ස්‌ දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. සිරිමහබෝධිය වැඩමවන විට සමුද්‍ර නාගයන් බාධා කළ නමුත් පසුව ඔවුහු එයට පුද සත්කාර දැක්‌වූහ.බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනයේදී නාග ගෝති‍්‍රකයන් අතර සිදුවූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. විවිධ කාලවලදී ධාතුසේන, සද්ධාතිස්ස, දුටුගැමුණු ආදී රජවරුන් විසින් විටින් විට ප‍්‍රතිසංස්කරණය කරන ලද නාගදීප විහාරස්ථානය විටින් විට පරසතුරු උවදුරුවලටද ගොදුරු විය. නාගදීපයේ ඇති තවත් වැදගත් ආගමික ස්ථානයක් වන්නේ නාගපූෂානි අම්මාන් කෝවිලයි. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි.නාගදීපය වෙත යාමට කයිට්ස් කුරිකට්ටුවාන් ජැටියෙන් විනාඩි 20ක විතර මුහුදු ගමනක යෙදිය යුතුය. බෝට්ටුකරුවන් විසින් නාගදීපය සඳහා රැුගෙන යාමට රුපියල් 20ක මුදලක් අය කරයි.1958 වසරේ දී නාගදීප දාගැබට ඩයිනමයිට්‌ දමා පුපුරුවා කොත්කැරැල්ල බිම හෙළන ලදී. පන්සලේ ගොඩනැගිලිවලට ගිනි තබා ඇත. දෙමළ අන්තවාදියෝ 2500 බුද්ධ ජයන්තිය සඳහා බුරුම රටෙන් තෑගි කළ බුදුපිළිමයේ සිරස හා අත් කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ සිංහලයන්ට දැන ගැනීමට රජය ඉඩ හැරියේ නැත. සිරස සිඳින ලද බුදුපිළිමය පසුව මුහුදු පතුලේ තිබී නාවික හමුදාව විසින් සොයා ගැනුණි. එය පිළිසකර කිරීම අපහසු විය. සති අටක්‌ ඇතුළත විහාරස්‌ථානය නැවත ඉදිකෙරුණි. බුරුම රටින් වෙනත් බුදුපිළිමයක්‌ තෑගි ලැබිණි.නාග විහාරය රැකගෙන වැඩ සිටින පූජ්‍ය පදුමකිත්ති තිස්‌ස හිමියනට ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ ආරක්‍ෂාව හා දානය පිරිනමමින් කටයුතු කළ නාවික හමුදා නිලධාරීන්ට බෞද්ධ ජනතාවගේ කෘතඥතාව හිමිවෙනු අැත.

Tuesday, April 7, 2026

ආරුක්කු 9 පාලම


වර්ෂ 1921 දී බ්‍රිතාන්‍යයන් යටතේ ආරම්භ කරන ලද නයින් ආරුක්කු පාලම 20 වන සියවසේ මුල් භාගයේ ලංකික ඉංජිනේරු සහ වාස්තු විද්‍යාත්මක දීප්තියට සාක්ෂියකි. ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානය අතර ඉතා මැනවින් ස්ථානගත කර ඇති අතර, පාලම දිගේ ඇවිදීමට තෝරා ගන්නා අයට කඳු බෑවුම් සහ ඝන වනාන්තර ප්‍රීතිය සඳහා දර්ශන ඉදිරිපත් කෙරේ. බදුල්ල කොළඹ දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී කඳු දෙකක් සම්බන්ධ කරමින් ‘අහසේ පාලම’ ලෙසින්ද හඳුන්වනු ලබන ආරුක්කු නවයේ පාලම ඉදිකර ඇත. මෙම පාලම දිගින් අඩි 300 ක්, පළල අඩි 25 ක් සහ උස අඩි 80-100 කි.

එය මෙරට යටත් විජිත යුගයේ දුම්රිය ඉදිකිරීමේ හොඳම උදාහරණයකි. මෙහි ඉදිකිරිම,වැලිමඩ කැප්පටිපොළ ප්‍රදේශයේ විසූ පී.කේ.අප්පුහාමි නමැති පුද්ගලකු විසින් එවකට පවති ලාංකික ඉදිකිරීම් තාක්ෂනය යටතේ සිදුකලබව වඩාත් ප්‍රසිද්ධ කතාවකි. 1870 දී උපත ලද අප්පුහාමි ප්‍රසිද්ධ සාම්ප්‍රදායික යක්ෂ නර්තන ශිල්පියෙක් ( චාරිත්‍රානුකූල නැටුම් ආකාරයකි). දිනක් තරගයකින් පැරදුණු නිසා අඳුරෙන් ගෙදර යද්දී බ්‍රිතාන්‍ය නිලධාරියෙක් අප්පුහාමිව මුණගැසුණු අතර මුලදී යක්ෂ අවතාර නැටුම් ඇඳුමේන් සිටි නිසා මුලදී අතිශයින් බියට පත් විය.

නමුත් ඉක්මනින්ම මිත්‍රශීලි වු විදේශිකයා තම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සිටින බව දැන ගැනීමත් සමගම අප්පුහාමි ඔහුට ප්‍රදේශයේ ගම්වලින් ශ්‍රමය සපයා දීමට කටයුතු කළේය. නමුත් දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී කඳු දෙකක් අතර විශාල පරතරයක් ඇති නිසා බ්‍රිතාන්‍ය ඉදිකිරීම් කරුවන්ට මෙය ඉදිකිරිම දුෂ්කර වු අතර මිටියාවත මඩ ගොහොරුවක් තිබූ බැවින් ස්ථිර නැංගුරමක් නිර්මාණය කිරීමට වඩාත් අපහසු විය.මේ බව දැනගත් අප්පුහාමි පාලම ව්‍යාපෘතිය පවරා දෙන ලෙස ඉල්ලා සිටියේය. මුලදී ඔහුව ප්‍රතික්ෂේප කළත් පසුව ඔවුන් එකඟවු අතර අප්පුහාමි පාලමේ වැඩ 1913 දී ආරම්භ කළේය. ඔහු යෝධ පාෂාණ අභ්‍යවකාශයට පෙරළීමෙන් අස්ථාවර භූමියේ ප්‍රශ්නය විසදන ලද අතර,ස්ථිර පාදමක් පාෂාණ මගින් සාදනු ලැබූ අතර, ඉන්පසු ඔහු මෙම පාඩම මත පාලමේ ගඩොල් තීරු නිර්මාණය කර පාලම ඉදිකිරීම දිගටම කරගෙන ගියේය. අප්පුහාමි විසින් භාවිතා කරන ලද ඉදිකිරීම් ක්‍රම එතරම් අවබෝධාත්මක සහ ලාභදායී බව ඔප්පු විය.

වසර ගණනාවක් දිගටම කරගෙන යාමට අදහස් කළ සම්පූර්ණ ව්‍යාපෘතිය ඔහු සැලසුම් කළ මුල් පිරිවැයෙන් සුළු කොටසකින් වසරක් ඇතුළත අවසන් කළ බව වාර්තාවේ. මෙතරම් විශාල ව්‍යාපෘතියක් ඉතා පහසුවෙන් නිම කර තිබීම නිසා එහි ශක්තිමත් බව හා කල්පැවැත්ම පිළිබද විශ්වාස කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කලේය . මේ අවස්ථාවේදී අප්පුහාමි පාලම යට වැතිරී එය ඔප්පු කරන බව පවසමින් ව්‍යුහයේ ශක්තිය ගැන දිවුරුම් දුන් බව කියනු ලැබේ. දුම්රිය මාර්ගය පළමු වරට භාවිතා කරන විට ඔහු පාලම යට වැතිරී තම පොරොන්දුව ඉටු කළ අතර ඔහුගේ ජයග්‍රහණ ගැන නිලධාරීන් විස්මයට පත් කළේය. මෙම විශ්මිත නිර්මාණයේ වාස්තුවිද්‍යාත්මක දක්ෂතාවය නිසා මේවනවිට වසර 100 කට වැඩි කාලයක් පුරාවට කිසිදු අපදාවකින් තොරව පවතින අතර ලාංකික ඉංජිනේරු තාක්ෂනයේ අරුමය ලොවට මැනවින් පෙන්නුම් කරමින් සිටි.



 

Thursday, March 26, 2026

 

අටමස්ථානෙන් හැළුණු ලෝකප්‍රකට ඉසුරුමුණිය

අනුරාධපුරයේ පූජනීය ස්ථානයන් අතරින් ඉසුරුමුණියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. විශිෂ්ට ගල්කැටයම් පිරුණු මේ විහාරය ඉතා සුන්දර දසුනක් මවනවා. ගල්පර්වතයක් සහ පොකුණක් ඇසුරෙන් එය තනා තිබෙන්නේ උද්‍යාන අලංකරණය ගැන වර්තමානයට පාඩමක් කියාදෙමින්. ඒත් මෙහි නියම නාමය “ඉසුරුමුණිය” නොවන බව හෙළිවී තිබෙනවා.

නමේ පටලැවිල්ල

වර්ෂ 1890 දී ඉසුරුමුණි විහාරය. දාගැබ ඉදිකරමින් පවතින අතර, නව බුදුමැදුර පැවති ස්ථානයේ ඇති ලෙන ද මෙහි දිස්වේ- lankapura.lk

වර්ෂ 1890 ගණන්වල ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් ඇතුළු කණ්ඩායම, අනුරාධපුරයේ වෙස්සගිරිය නමින් හඳුන්වන ස්ථානයේ ගවේශන කටයුතු කළා. එහිදී හමුවූ ගල්පුවරුවල කෙටූ සෙල්ලිපිවලින් හෙළි වුණේ ඒ වෙස්සගිරිය නොව ඉසුරුමුණිය බව යි. “ඉසුරුමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි විහාරය” යන නම වෙස්සගිරියේ නියම නම බව ගලේ කෙටූ අකුරුවලින් ඔප්පු වුණා. එම ගවේශන තවදුරටත් ඉදිරියට ගෙන ගිය මහාචාර්ය සෙනරත් පරණවිතාන එම ස්ථානය ඉසුරුමුණිය හෙවත් පුරාණ ඉස්සරසමණාරාමය බව තහවුරු කළා. නමුත් තවමත් මේ නම් පටලැවිල්ල එලෙසම භාවිත කරනවා.

දාගැබ ඉදිකිරීමෙන් පසු 1903 දී- බුදුමැදුර ඉදිකරමින් පවතී – lankapura.lk

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මෙසේ සඳහන් කර සිටිනවා: 

මෙයිගිරි විහාරය නැතහොත් මේඝගිරි විහාරය වර්තමානයේ දී ඉසුරුමුණිය නමින් හඳුන්වනු ලබනවා. මහාමේඝවනයේ පිහිටි මෙය හතරවන ශත වර්ෂයේ දී අභයගිරියට අයත් විය. දක්ෂිණ ථූපය සහ මඟුල් උයනට ඇතුළුවන නැගෙනහිර දොරටුව අසල මෙම විහාරය පිහිටා කිබුණි. නියම ඉසුරුමුණි විහාරයට වර්තමානයේ ව්‍යවහාර වන්නේ ඊට කිසිසේත්ම යෝග්‍ය නොවන වෙස්සගිරිය යන නම යි. 

(අනුරාධ සෙනෙවිරත්න- පුරාණ අනුරාධපුරය,196 පිට)

පැරණි ඉස්සරසමණාරාමයත් වර්තමාන ඉසුරුමුණිය නමින් හඳුන්වන විහාරයත් එකිනෙකට ආසන්නව තිසාවැව ඉවුර පාමුල පිහිටා තිබෙනවා. වර්තමාන ඉසුරුමුණියට උතුරින් රන්මසු උයනත්, දකුණින් වෙස්සගිරිය හා නැගෙනහිරින් වෙල් යායක් ද බටහිරින් තිසාවැව ද දැකගත හැකියි.

දන්ත ධාතුන් තැන්පත් කළ මේඝගිරිය

ඉසුරුමුණි වෙහෙර – N. H. Samarasingha,  Archaeology.lk

ක්‍රි. ව. 312 දී රජ පැමිණි කිත්සිරිමෙවන් රජ සමයේ නව වන රාජ්‍ය වර්ෂයේ දී දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතුව රැගෙන අනුරාධපුරයට පැමිණ මුල් දින ගත කළේ මේඝගිරි විහාරයේ බව දාඨාවංශය සඳහන් කරනවා. එම විහාරය පිහිටා තිබුණේ මහාමේඝ උයනෙයි. වංශ කතාවලට අනුව මේඝගිරිය ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී දේවානම්පියතිස්ස රජු ඉදිකළ විහාරයක්. එයට ඒ නම ලැබී තිබෙන්නේ මේඝවලා හෙවත් වලාකුළු සේ ඈතට දිස්වන ගිරිකුළු නිසයි.

අටමස්ථානයට අයත් නොවීම

ලෙන කපා හැදූ පැරණි බුදුගෙය- N. H. Samarasingha,  Archaeology.lk

හුඟදෙනෙක් දන්නැති කරුණක් තමයි ඉසුරුමුණිය හෙවත් මේඝගිරිය අටමස්ථානයට අයත් නොවන විහාරයක් බව. බුදුන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩි ගමනේ දී අනුරාධපුරයට වැඩ සමහන් සුවයෙන් ගත කළ ස්ථාන අටක් ගැන පූජාවලිය සඳහන් කරනවා. 14 වැනි සියවසේ ලියවුණු සද්ධර්මාලංකාරයේ ද මිහිඳු හිමියන් පූජා පවත්වන ලදැ යි සැලකෙන ස්ථාන අටක් ගැන දැක්වෙනවා. මේ කිසිම මූලාශ්‍රයක ඉසුරුමුණිය හෝ මේඝගිරිය බුදුහිමියන් වැඩ සිටි ස්ථානයක් ලෙස සඳහන් වන්නේ නැහැ. 1872 දී අටමස්ථාන කමිටුව සැකසූ අටමස්ථාන ලැයිස්තුවටත් ඉසුරුමුණිය අයත් වුණේ නැහැ. ඒ වන විට ඉසුරුමුණිය නටබුන් ස්ථානයක් මිස වන්දනාකරුවන් වදින පුදන තැනක් වුණෙත් නැහැ. මේ නිසාම 1909 දී ඉංග්‍රීසී ආණ්ඩුව අටමස්ථානය ලැයිස්තුගත කිරිමේ දී ඉසුරුනිණිය පූජනීය ස්ථානයක් වශයෙන් එයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවේ නැහැ. අද දක්නට ලැබෙන දාගැබ සහ විහාරගෙය සියවසකට පමණ පෙර ඉදිකරන ලද ඒවා යි.

සොඳුරු පුදබිම- srilankafinder.com

ඉසුරුමුණිය විශිෂ්ට කලා නිර්මාණ රාශියක් දැකගත හැකි ස්ථානයක් ලෙස පිටරටවල පවා ප්‍රසිද්ධයි. පුරාණ නිර්මාණකරුවාගේ කෞශල්‍යයට ඒවා අදත් උදාහරණ සපයනවා. මුලින්ම බෞද්ධ විහාරයක් වූ මේඝගිරිය පසුව හින්දු කෝවිලක් බවට පත්ව තිබෙන්නට ඇති බව පරණවිතාන සඳහන් කරනවා. පල්ලව සම්ප්‍රදායේ මුර්ති එයට එක්වූයේ ඒ අවස්ථාවේ බව ඔහුගේ අදහස යි.  

පිරිත් පැන් පොකුණේ නාන ඇතුන්

ගලේ නෙළු ඇත් රූ- steemit.com

ඉසුරුමුණිය විහාරයට ඇතුළුවන අපට මුලින්ම දිස්වන්නේ දාගැබ පිහිටි ගල් පර්වතය පාමුල ඇති පොකුණ යි. එයට කියන්නේ පිරිත්පැන් පොකුණ කියලයි. එහි ජල මට්ටමට ආසන්නව අලංකාර ඇත් රූප නෙළා තිබෙනවා. පොකුණේ ජලය පිරී ඇති විට ගල්පර්වතයේ අල්පෝන්නතව කොටා ඇති ඇත් රූප දිය නෑමට පොකුණට එන ඇත් රංචුවක් සේ දිස්වෙනවා. සමහර ඇතුන් හොඬ උස්සා ජල ක්‍රීඩා කරන ආකාරයක් පෙන්නුම් කර තිබෙනවා.

ගල හාරා තැනූ පැරණි පිළිම ගෙය

පිළිම ගෙය ප්‍රතිසංස්කරණයට පෙර 1870 දී -thenationaltrust.lk

මිනිසා සහ අශ්ව හිස මූර්තියට නුදුරින් ගල හරා තැනූ කුඩා බුදුගෙයක් තිබෙනවා. දොරටුවේ මකර තොරණත් එහි ඇතුළත පිහිටි හිදි බුදු පිළිමයත් ගලෙන්ම කැපූ එකක්. මේ පිළිමයේ පසුකාලීනව රන් ආලේප කර තිබූ බවට සලකුණු තිබෙනවා. මේ පැරණි බුදුගෙයට ආසන්නව ගල යට වූ ලෙනක් යළි සැකසීමෙන් වර්තමාන බුදුගෙය තනා තිබෙනවා. බුදු ගෙය අසලින් දිවෙන පියගැට පෙළ නැගීමෙන් ගල මත පිහිටි දාගැබ වෙත පැමිණිය හැකියි. ඒ අසලම පර්වතය මත කැටයම් කළ සිරිපා සලකුණක් තිබෙනවා.

මිනිසා සහ අශ්ව හිස

මිනිසා සහ  අශ්ව හිස කැටයම – srilankafinder.com

විහාරය අසල ගල් පර්වතයේ කොටා ඇති මේ කැටයම කැපීපෙනෙන ශෛලමය නිර්මාණයක්. පොළොව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් පිහිටි ගලේ කුහරයක් හාරා අර්ධ උන්නතව වාඩිවී සිටින මිනිසෙක් සහ අශ්ව හිසක් නෙළා තිබෙනවා. මිනිස් රූපය වාඩි වී සිටියත් ආසනයක් නිර්මාණය කර නැහැ. ඔහු කඳ ඍජුව තබා ගෙන සිටිනවා. වම්පස පාදය නමා පැත්ත දමා බිම තබා සිටිනවා. දකුණු පාදය දණහිස ළඟින් නවාගෙන වම් පතුල අසල පය බිම තබා ඇත්තේ දණහිස එසවෙන පරිද්දෙන්. උඩුකය නග්න යි; ගෙල මාලයේ පැළඳ හිස වැස්මකින් හිස වසා සිටින්නේ ඈතට බරවූ බැල්මකින්.

යටිකය වැසී ඇත්තේ දුහුල් කෙටි ඇඳුමකින්. මෙම ඉරියව්ව මහාරාජ ලීලාසන ඉරියව්ව ලෙස හැඳින්වෙනවා. මිනිස් රුව අතිශය තේජාන්විත පෙනුමකින් යුක්ත යි. දිගු කළ දකුණතේ උඩුබාහුවට ගෑවෙන තරම් සමීපව අශ්ව හිස නෙළා තිබෙනවා.

කැටයම පිහිටා ඇති අයුරු- tripadviser.com

පරණවිතාන මෙම ස්ථානය වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියාට සම්බන්ධ උත්සව පැවැත්වූ ස්ථානයයැ යි මතයක් ඉදිරිපත් කළා. එහි ගලේ කොටා ඇති අශ්ව හිස සහ මිනිසාගේ කැටයම, අග්නි සහ පර්ජන්‍ය ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව යි ඔහු මේ මතය පැවසුවේ. විල අසල ඇති ඇත් රූපවලින්  වළාකුළු සංකේතවත් කෙරෙතැ යි ඔහු පවසනවා.

මේ කැටයම ක්‍රි.ව. 12 වැනි සියවසට අයත් බව ආචාර්ය විලියම් කුක් මහතා පවසා තිබෙනවා. මහාචාර්ය ෆෝගල්, ආනන්ද කුමාරස්වාමි, බෙන්ජමින් රෝලන්ඩ් යන විද්වතුන් සඳහන් කරන්නේ මෙම කැටයම ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බව යි. මිනිසා සහ අශ්ව හිස කැටයම ඉන්දියානු පල්ලව සම්ප්‍රදායේ නිර්මාණ හා සමානකම්  දක්වන බව මහාචාර්ය ෆෝගල් මහතා පවසයි.

ලොව ජනප්‍රියම පෙම් යුවළ

පෙම් යුවළ – steemit.com

අඩි 3 අඟල් 1ක් උස හා අඩි 2 අඟල් 3ක් පළල චතුරශ්‍රාකාර ගල් පුවරුවක අර්ධ උන්නත වශයෙන් නෙළා ඇති මේ කැටයම ලෝකයේ ගලින් නෙළු ජනප්‍රියම පෙම් යුවළ යි. විහාර බිමේ පියගාට පෙළ අසල ගල්බිත්තියට අල්ලා තිබූ එය අද එය විහාරබිමේ ඇති පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ගල් තලයක් මත වාඩි වී සිටින තරුණයා පිටුපසින් සිටින ආකාරයටත් ඔහුගේ වම් කලවය මත වාඩිවී සිටින තරුණිය ඉදිරියෙන් සිටින ආකාරයටත් කැටයම් කර තිබෙනවා. මෙම රූප ගල් පුවරුවේ සමබරව කැටයම් කොට ඇති අන්දම අපූරු යි. තරුණයාගේ හා තරුණියගේ ආංගික අභිනයන්ගෙන් හා සංකේත වලින් ඔවුනොවුන් කෙරෙහි වන ප්‍රේමය හා ස්නේහය මෙන්ම ශෘංගාරය ද ඉස්මතු කොට දක්වනවා.

දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය හා ඔහුගේ සිත්ගත් සැඩොල් තරුණියක වූ අශෝකමාලා මින් නිරූපණය වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මත පළ කරනවා. මේ ශිව හා පාර්වතී ලෙසත්, මංජු ශ්‍රී හා ශක්ති ලෙසත්, සෙබලෙකු හා බිරිඳ ලෙසත් ආදී වශයෙන් විවිධ අදහස් විද්වතුන් පළ කර සිටිනවා. ශෛලිය අතින් මෙම මූර්තිය 5 වන සියවසට අයත් ගුප්ත කලා සම්ප්‍රදාය පිළිබිඹු කරන්නක්.  

රජ පවුල

රජ පවුල කැටයම -leisureandme.com

මෙම කැටයමත් කෞතුකාගාර තුළ දී තමයි දැකගත හැකි. මේ කැටයම් පුවරුවේ රජ පවුලක එක්තරා අවස්ථාවක් දැක්වෙන බව සැලකෙනවා. කැටයමේ මැද අන් අයට වඩා තරමක් උස අසුනක රජු අසුන්ගෙන සිටිනවා. ඔහු දකුණත ඔසවා යමක් පැහැදිලි කරන බවක් තමයි පේන්නේ. ඔහුගේ වමත දේවියගේ උකුල මත ඇති අතර දේවිය දෙ අතින්ම ඒ අත අල්ලාගෙන සිටිනවා. පසෙකින් සිටින කුමරා දෙ අත් පපුව මත තබාගෙන සාවධානව යමකට ඇහුම්කන් දෙන බවක් පෙනනවා. මෙහි සිටින්නේ දුටු ගැමුණු රජතුමා, බිසව හා සාලිය කුමරු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන  මත පළ කරනවා. මෙය 8  වන සියවසට අයත් කැටයමක් සේ සැලකෙනවා.

දේවතා රූප කැටයම්- 6-8 සියවස්,  wikipedia.org

 විහාර බිමේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තවත් ගල් කැටයම් රාශියක් දැකගත හැකියි. ඒවා අතරින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ ගලින් කළ කාවාටවල හෙවත් ඇතුළට හාරා කළ නිර්මාණ ලෙස යි. කුවේර ත්‍රිමූර්තිය, කින්නර කැටයම, වාමන රූප, සිංහ කැටයම් ආදියත් මෙහි තැන්පත් කර ඇති කැටයම් අතර වෙනවා.

Tuesday, March 17, 2026

 ලෝකයේ සුවිශේශී හා දුර්ලභම අත්දැකීමක් වන හුම්මානය

ශ්‍රී ලංකාව ස්වාභාවික සුන්දරත්වයෙන් සපිරුනු කුඩා දිවයිනක් වන අතර ඒ අතරට ලෝකයේ ශ්‍රී ලංකාවේම හෝ ස්ථාන ස්වල්පයක පමණක් දැකගත හැකි ස්ථාන වලින්ද සමන්විතයි . මේ අතරින් ස්වභාව ධර්මයේ චමත්කාරජනක නිර්මාණයක් වන හුංගම හුම්මානය සුවිශේශී ස්ථානයකි . හුම්මානය දික්වැල්ල හුම්මානය ලෙසද හැඳින්වූවත් එක අයිති වන්නේ කුඩා වැල්ල , හුංගම ග්‍රාමයටයි . මෙම ප්‍රදේශය අයිති වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට වන අතර ආසන්නම නගරය මාතර දිස්ත්‍රික්කයේ දික්වැලල් නගරයයි .

කුඩාවැල්ල ධීවර වරායට පිටුපසින් වනාන්තර සහිත කුඩා කඳුකර ප්‍රදේශයක හුම්මානය පිහිටා තිබෙනවා . තංගල්ල පාරෙන් කුඩාවැල්ල පාලම අසලින් කුඩාවැල්ල පාරට හැරී මීටර 300ක් පමණ යන විට වරාය පාරට නැවත හැරී යා යුතුයි . එතැන් සිට කි මී 1.6ක් පමණ යන විට හුම්මානය පිහිටි ප්‍රදේශය හමුවෙන අතර එහි ප්‍රධාන පාර ආසන්නයේන් වාහන නවත්වා ඇතුලු විය යුතුයි . පාගමනින් මීටර 500ක් පමණ යැඇමට සිදු වන අතර මීටර 400කදී පමාන ප්‍රවේශපත් කවුලුව හමු වන්වා . මෙහි ප්‍රවේශපත් ලබාගැනීමෙන් පසුව නවත කුඩා කඳු ගැටයක් නැගීමෙන් පසුව හුම්මානය ඔබට දැකබලා ගන්න පුලුවන් . මෙම ස්ථාය ආරක්සිත වැටකින් වට කොට ඇති අතර , අවට ප්‍රදේශයද තවමත් කුඩා වනාන්තරයක් හා වන උයනක් ලෙස පවත්වාගෙන යන්වා .හුම්මානය මෙන්ම අවට නැරඹීමට හැකි ලෙසද තැනින් තැන් ස්ථාන පවතින් අතර අවට වෙරළ තීරයන් මෙන්ම කුඩාවැල්ල ධීවර වරායද දැකගැනීමට හැකියාව තිබෙනවා .

ලෝකයේ හුම්මන වර්ග දෙකක් පවතින අතර මිරිදිය හා කරදිය ලෙස හඳුනාගන්න පුලුවන් . හුම්මනයක ගල් කුහරයක් තුලින් ජලය වේගයෙන් ගමන් කිරීමක් සිදු වන අතර , එහු එක් සිදුරක් සිරස්ව නැගී සිටිනවා . මෙහි ඇතිවන පීඩනය හේතුවෙන් සිරස් කුහරය තුලින් ජලය ඉහලට එසවෙන අතර එය පොලවෙන් උඩට විසි වී යාම සිදු වන්වා . කුඩාවැල්ල හුංගම ලෝකාන්තය ලෝකයේ දේවන විශාලම හුම්මානය වන අතර අප ට්‍රිප්.ල්ක් කණ්ඩායම සිදු කල සංචාරය අතරතුලදී මෙහි ක්‍රියාකාරිත්වය අපි නිරීක්ශැණය කරනු ලැබුවා .

වාරකන් ලෙස හඳුන්වන මුහුද රළු වන නිරිත දිග මෝසම් කාලයේදී හුමානයේ ක්‍රියාකාරීත්වය ඉතාම සක්‍රීය වන අතර එය විටෙක මීටර 30ක පමණ උසක් දක්වා ඉහල යාමට ඉඩ ඇති බව පැවසෙනවා .

ලෝකයේ දුර්ලභම අත්දැකීමක් වන මෙම අත්දැකීම විඳගන්න දෙස් විදේස් සංචාරකයන් දිනපතා ඇදී එන අතර , මෙය හොඳින් සක්‍රීය විට මෙහි ශබ්ධය ඉතා ඈතට ඇසිය හැකි බව පැවසෙනවා .

  කලා වැව කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව ...