වෙහෙරහේන ගුහා විහාරය
අග්නිදින ආසියාවේ ප්‍රථමවරට ඉදිවූ අසූ අට රියන් උසැති සමාධි බුදුපිළිම වහන්සේගේ ආශිර්වාදයෙන් නිල්වලා මිටියාවත එකළු කල පුදබිමකි, වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරය.
අනුරාධපුර යුගයේ බිහිවූ හෙළ ප්‍රතිමා කලාවේ මුදුන්මල් කඩක් සේ මෙම ප්‍රතිමාව සැලකිය හැකි මෙම පිලිම වහන්සේ නෙළුම් මලක හැඩැති ආසනයක් මත වැඩ හිදින අයුරින් නිර්මාණය කොට ඇත.
වෙහෙරහේන යන නම විශාල ප්‍රසිද්ධියක් ලැබීමට තවත් හේතුවක් වී ඇත්තේ උමං විහාරයයි. භු ගර්භයේ පිහිටා ඇති මෙම උමං විහාරය අඩි 1123 පමණ දිගින් යුක්තය. මෙම උමං විහාරය අක්කර 3ක පමණ භූමි භාගයක විසීරී ඇත්තේය.
පිවිසුම් දොරටු 12ක් හා මහල් තුනකින් සමන්විත මෙම විහාරය උම්මග්ග ජාතකයෙහි එන මහෞෂධ පණ්ඩිතයන් විසින් නිර්මාණය කලා යැයි සැලකෙන උමඟ හා සමානයයැයි විශ්වාස සඳහන් කල හැක. උස අඩි 15ක් වන බිම් මහලේ මෙන්ම අනෙකුත් මහල්වලද, බෝසත් කථා, ජාතික කථා ආදීය චිත්‍රණය කොට තිබේ.
මීට වසර 100කට පමණ පෙර වනානාතරයකින් යුතු මෙම ප්‍රදේශය කඳු ගැටයක් සමතලා කොට බුදු පිළිම වහන්සේ නිර්මාණය කොට ඇත. අක්කර භාගයකට පමණ සීමා වූ පෙදෙස අදවන විට අක්කර හයක පමණ විහිදී ඇත.
මෙම විහාරස්ථානයේ පෙරහර 1975 වර්ෂයේ මල් පෙරහරක් ලෙස ආරම්භ වී ඇති අතර 1983 වර්ෂයේදී විධිමත් පෙරහරක් බවට පත්විය. 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යවසනය නිසා වසර කිහිපයක් පෙරහර නොපැවැත්වූ අතර ජනතාවගේ බලවත් ඉල්ලීම පිට මේ වසරේ සිට අඛණ්ඩව පෙරහර පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
බෞද්ධ ජනතාව ප්‍රමුඛ සියලු ශ්‍රි ලාංකිකයන්ට වටිනා දායාදයක් වන මෙම වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරය රැක ගැනීම අප සතු වගකීමක් වන්නේය.



No comments:
Post a Comment