Friday, January 30, 2026

 ලොව පළමු චෛත්‍යය ගිරිහඬුසෑය



 සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය.ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය.
සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.
අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ.
හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ.මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ.
වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ......
එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි.
කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය.
වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය......
එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.
ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි.
ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි.
අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය.
ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු.
නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි.
අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.
වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය.
වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි.
නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු.
නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය.
පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි.
මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි.
එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.
මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.
ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය

Wednesday, January 28, 2026

  අනුරාධපුරයේ ජේතවනාරාමය


ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්වාම ලංකාවේ ප‍්‍රධාන රාජධානිය විය. විජය රජු සමග ලංකාවට පැමිණි අනුරාධ නැමැති අමාත්‍ය වරයෙකු කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ආසන්නයේ තැනූ අනුරාධ ග‍්‍රාමයේ භද්දකච්චානා කුමරියගේ සොහොයුරු අනුරාධ නැමැති කුමරාද පදිංචි වී ඇත. පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු එම ග‍්‍රාමය නව නරගයක් ලෙස වැඩිදියුණු කොට අනුරාධපුර රාජධානිය ගොඩනගා තිබේ. නගර ප‍්‍රතිෂ්ඨාපනය අරඹා ඇත්තේද අනුරාධ නැකැතිනි. මේ හේතූ නිසා අනුරාධපුරයට ඒ නම ලැබී ඇතැයි විශ්වාස කැරේ.

ශී‍්‍ර ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මුහුදු මට්ටමින් අඩි 295 ක් පමණ උසින් අනුරාධපුරය පිහිටා ඇත. අද උතුරු මැද පළාතේ අග නගරයයි. අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගියේය. නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1874 දී පමණ එළිපෙහෙළි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුරයේ කැණීම් සිදු කොට නටඹුන් වූ රාජධානිය මතු කරගත් අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ තවමත් අනුරාධපුර සංරක්ෂණ කටයුතු සිදුවේ.
පැරණි නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකි. පැරණි නගරයෙන් පදිංච් ස්ථාන හා වෙළඳ ව්‍යාපාර හැකිතාක් ඉවත් කොට නව නගරයට ගෙනැවිත් ඇත.

Friday, January 16, 2026

 මහනුවර



ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි.
ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත.
එහෙත් දහ හතර වැනි ශත වර්ෂයේ ලියැවුණු ශී‍්‍ර ලංකාවේ කඩයිම්පොතෙහි කටුබුලූරට නම් ස්ථානයක් ගැන සඳහන් කරන අතර දාහත් වැනි සියවසට අයත් මැදවල තඹ සන්නසත්, ති‍්‍රසිංහලේ කඩයිම් පොතත් කටුපුලූ හෙවත් කටුබුලූ යන නගරය ගැන පවසයි. මහනුවර නගරයට නුදුරු වර්තමාන වටපුලූව එම නගරය ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. එසේනම් සෙංකඩගල නගරය බිහිවන්නට පෙර කටුපුලූව ජනාකීර්ණව තිබෙන්නට ඇත.
තුන්වනි වික‍්‍රමබාහු රජුගෙන් පසු ගම්පොළ රජ පැමිණි සේනාසම්මත වික‍්‍රමබාහු ගම්පොළ අතහැර සෙංකඩගල පුරවරය සිය අගනගරය කරගත්තේ. එහි භූගෝලීය පිහිටීම ආරක්ෂිතව සිටීම සඳහා මහෝපකාරී වීම ඒ සඳහා හේතුවිය. අනතුරුව ඔහුගේ පුත් ජයවීර අස්තාන කි‍්‍රස්තු වරෂ 1511 දී සෙංකඩගල රජ පැමිණ 1551 දක්වා රාජ්‍ය විචාලේය. ඔහුගෙන් පුස පාලකයා වූයේ කරලියද්දේ බණ්ඩාරය. ඉක්බිතිව සීතාවක රාජසිංහ රජු උඩරට රාජධානිය ආක‍්‍රමණය කර සීතාවකට වී තම පාලනය ගෙන ගියේය. කරලියද්දේගේ බෑණනු වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩර පසුව පෘතුගීසීන්ගේ සහාය ලබා උඩරට සීතාවක රාජ්‍යයෙන් මුදාගත්තේය. පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ පුත‍්‍රයකු වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර දන්තුරේදී කළ මහ සටනකින් පෘතුගීසීන් ද පලවාහැර යමසිංහ බණ්ඩාර පරාජය කරමින් 1595 දී පළමු වැනි විමලධර්මසූරිය ලෙස රජ පැමිණියේය.
සිංහල රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායික උරුමය තහවුරු කරන සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවාගත් විමලධර්මසූරිය රජු දළදා මන්දිරයක්ද සෙංකඩගල රාජධානියේ කැරැවූවේය. විමලධර්මසූරිය රජු 1604 දී මියගියේය, එතැන් පටන් 1815 ශී‍්‍රලංකාව බි‍්‍රතාන්‍යයන්ට නතු වන තුරු අනුක‍්‍රමික රුජවරු හත් දෙනෙක් පාලනයට ආහ,
සෙංකඩගල නුවර පසු කළෙක මහනුවර යන නමින් හැඳින්වෙන්නට විය, අදටත් ඉතිරිව පවත්නා ඓතිහාසික ගොඩනැගිලි සමූහයක් දැකිය හැකිය.
මේ අතරින් දළදා මාළිගාව ප‍්‍රධාන වේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළදා මැදුරට ඉදිරියෙන් ඇති දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි.
අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි.
මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි.
දළදා මාළිගාව අබියස ඇති වැවේ අනෙක් පැත්තේ සියම් නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථාන දෙකින් එකක් වන මල්වතු මහා විහාරය පිහිටා තිබේ. සේනා සම්මත වික‍්‍රමබාහු විසින් මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. මහාවංශයේ පැවැසෙන ආකාරයට මල්වතු හා අස්ගිරි විහාරයේ භික්ෂූනගේ ප‍්‍රයෝජනය සඳහා තවත් ආරාම අසූ හයක් ඔහු විසින් තැනැවිණි
මහනුවර නගරයට අලංකාරයක් වූ කිරි සයුර හෙවත් නුවර වැව ලෙස හැඳින්වෙන ජලාශය ගොඩනගන ලද්දේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සමයේදීය. 1807 වර්ෂයේදී එතැන තිබූ කුඹුරක කුඩා පොකුණක් සෑදීම සඳහා හාරද්දී කිරි ඉබ්බෙකු මතුවූ බවත් එය දුටු නැකැත් කරුවන් එතැන ජලාශයක් කරවීම සුදුසු බවත් පැවසූවෙන් රජු ජලාශයක් කරවූ බව වංශකථාවන්හි කියැවේ., ජලාශය මැද රජු විසින් පරිහරණය කළ ගොඩනැගිල්ලක් තිබූ දූපතක් අදටද දැකිය හැකි අතර ජලාශයේ ස්නානය කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමට සෑදූ සුවිසල් උළුපැන්ගේ නැමැති ගොඩනැගිල්ල ද අදටත් ඉතිරිට තිබේ.
යටිනුවර වීදිය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනිද්දී සියම් නිකායේ අනෙක් භික්ෂු මූලස්ථානය වන අස්ගිරි විහාරය හමුවෙයි. මෙය මල්වතු විහාරයටත් වඩා පැරණි විහාරස්ථානයක් යැයි විශ්වාස කරයි, එය පිහිටුවා ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1305 ත් 1335 අතර කුරුණෑගල විසූ සිව් වැනි පරාක‍්‍රමබාහු ගේ ඉල්ලීම මත සිරිවර්ධන නැමැති සේනාධිපතියා විසිනැයි කියැවේ.
උඩරට රජුන්ගේ සිරුරු දවාලීම සඳහාත් අනතුරුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාත් යොදා ගත් භූමිය වන ආදාහන මළුවද මෙහි පිහිටා ඇත. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු හැරුණු විට විමලධර්මසූරිය රජු ඇතුළු ඔහුගෙන් පසු රජ පැමිණි සියළුම රජවරුන්ගේ ආදාහන කර ඇත්තේ මෙහිදීය. එම රජවරුන්ගේ සොහොන් කොත් මෙම ස්ථානයේ තිබූ බවත් ඒවා පසු කලෙක සොරුන් විසින් කඩා බිඳ විනාශ කරන ලද බවත් ඉංගී‍්‍රසි ලේඛකයකු වන ෆෝබ්ස් සටහන් කැර ඇත.
පැරණි නගරයෙන් පිටත පිහිටා තිබූ ගංගාරාමයත්, සුදුහුම්පොළ විහාරස්ථානයත්, නිත්තවෙළ විහාරයත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයන් වෙයි.
දළදා මන්දිරය ඉදිරිපිට පිහිටි විවෘත භූමි භාගය හැඳින්වෙන්නේ මහා මළුව නමිනි. පත්තිරිප්පු ඉදිකරවූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පත්තිරිප්පුවේ සිට මහ මළුවට රැස්වූ ජනතාව ඇමතූ බව ඓතිහාසික වාර්තාවල දැක්වේ. 1815 දී ඉංගී‍්‍රසින් ගේ කතිර කොඩිය වාරියපොළ සුමංගල හිමියන් විසින් බිම හෙළුවේ මේ බිමේදීය. 1818 කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ විරුවාගේ හිස්කබල දැන් තැන්පත් කර ඇත්තේද මේ ස්ථානයේම වීම විශේෂත්වයකි.

සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල හෙවත් මහනුවර ආශි‍්‍රතව තවමත් බොහොමයක් පුරාණ කලා ශිල්ප ආරක්ෂා වී තිබේ. මේ අතරින් ප‍්‍රධාන වන්නේ වාර්ෂික පැවැත්වෙන දළදා පෙරහැර හා ඒ ආශි‍්‍රත වූ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර සමුදායයි. මෙවන් දුර්ලභ සංස්කෘතික ලක්ෂණ රැසක් සහිත මහනුවර නගරය හා ඒ ආශි‍්‍රත පරිසරය වර්තමාන ලෝක උරුම නගරයක් ලෙස නම් කැර තිබේ.

Thursday, January 15, 2026

 

යාල ජාතික වනෝද්‍යානය



යාල ජාතික වනෝද්‍යානය (ඉංග්‍රීසි:  Yala National Park), ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය ර‍ෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්‍යානය කොළඹ සිට එනම් ශ්‍රී ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.

යාල ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි. ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.

රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.

යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.

2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග‍්‍රහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.

පිහිටිම

උද්‍යානයේ උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.

උද්‍යානය වෙත පිවිසිම

  1. කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවේශ මාර්ගයකි.
  1. කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිජ්ජවිල හම්බන්තොට හරහා හෝ
  1. කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද
  1. තණමල්විල ලුණුගම්වෙහෙර හන්දියෙන් එම ජලාශ වේල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.
  1. මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද එක් පිවිසුම් මාර්ගයකි

උද්‍යානයේ භෞතික ලක්ෂණ

කලාප අංක එක තුළ බුතව, හින්වැව, ගෝනගල, කොමාවැව, පටනංගල වැව, පළටුපාන, බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැව් දෙකක් ද රුක්විල, පටිටියවිල, දෙබරගස්වල, ඛරවිගස්වල, රනිවල වශයෙන් දියවළවල් ද රැසකි. බුතවල, ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක් ද මෙහි වේ. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිත ය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි. කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන, පහළ පොත්තන, මහිරාව, ගජබාව ප්‍රකට ය. මැණික් ගඟ මෝය, කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථාන ය. මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.

ජෛව විවිධත්වය හා වන සතුන්

යාල වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත තැනකි. ගමෙහි ලොකු කුඩා සෑම ක්ෂීරපායි සතකුම පාහේ :විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරම් ප්‍රචලිත වනෝද්‍යානයක් සිරිලක නැති තරම් ය. කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත. කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්‍රමණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය. ජලාශ්‍රිත මෙන්ම වනබද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි. ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුල ය. වළිකුකුළා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන්, පිඹුරන්, නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.
ඉබ්බන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද, වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්‍යයන්, උභයජිවින්, කෘමීන්, මොලස්කාවුන් වැනි සංවේදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමේ හැරෙන්නට යාල ජාතික වනෝද්‍යානය මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.





Sunday, January 11, 2026

 වෙහෙරහේන ගුහා විහාරය


 අග්නිදින ආසියාවේ ප්‍රථමවරට ඉදිවූ අසූ අට රියන් උසැති සමාධි බුදුපිළිම වහන්සේගේ ආශිර්වාදයෙන් නිල්වලා මිටියාවත එකළු කල පුදබිමකි, වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරය.

අනුරාධපුර යුගයේ බිහිවූ හෙළ ප්‍රතිමා කලාවේ මුදුන්මල් කඩක් සේ මෙම ප්‍රතිමාව සැලකිය හැකි මෙම පිලිම වහන්සේ නෙළුම් මලක හැඩැති ආසනයක් මත වැඩ හිදින අයුරින් නිර්මාණය කොට ඇත.

වෙහෙරහේන යන නම විශාල ප්‍රසිද්ධියක් ලැබීමට තවත් හේතුවක් වී ඇත්තේ උමං විහාරයයි. භු ගර්භයේ පිහිටා ඇති මෙම උමං විහාරය අඩි 1123 පමණ දිගින් යුක්තය. මෙම උමං විහාරය අක්කර 3ක පමණ භූමි භාගයක විසීරී ඇත්තේය.

පිවිසුම් දොරටු 12ක් හා මහල් තුනකින් සමන්විත මෙම විහාරය උම්මග්ග ජාතකයෙහි එන මහෞෂධ පණ්ඩිතයන් විසින් නිර්මාණය කලා යැයි සැලකෙන උමඟ හා සමානයයැයි විශ්වාස සඳහන් කල හැක. උස අඩි 15ක් වන බිම් මහලේ මෙන්ම අනෙකුත් මහල්වලද, බෝසත් කථා, ජාතික කථා ආදීය චිත්‍රණය කොට තිබේ.

මීට වසර 100කට පමණ පෙර වනානාතරයකින් යුතු මෙම ප්‍රදේශය කඳු ගැටයක් සමතලා කොට බුදු පිළිම වහන්සේ නිර්මාණය කොට ඇත. අක්කර භාගයකට පමණ සීමා වූ පෙදෙස අදවන විට අක්කර හයක පමණ විහිදී ඇත.

මෙම විහාරස්ථානයේ පෙරහර 1975 වර්ෂයේ මල් පෙරහරක් ලෙස ආරම්භ වී ඇති අතර 1983 වර්ෂයේදී විධිමත් පෙරහරක් බවට පත්විය. 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යවසනය නිසා වසර කිහිපයක් පෙරහර නොපැවැත්වූ අතර ජනතාවගේ බලවත් ඉල්ලීම පිට මේ වසරේ සිට අඛණ්ඩව පෙරහර පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

බෞද්ධ ජනතාව ප්‍රමුඛ සියලු ශ්‍රි ලාංකිකයන්ට වටිනා දායාදයක් වන මෙම වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරය රැක ගැනීම අප සතු වගකීමක් වන්නේය.





Saturday, January 10, 2026

 

සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්


ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඒ සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් දිවෙන ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් අවසර ලබා දීම නිසා යි. එම තීරණය ලබාදීමත් සමගම බොහෝ පාර්ශවයන් ඊට විරෝධය දක්වනු ලැබුවා. එලෙස විරෝධය දැක්වූ පාර්ශවයන් පවසා සිටියේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංවේදී පරිසර පද්ධතියක් තිබෙන සිංහරාජ වනාන්තරයට දැඩි හානියක් සිදුවන බව යි. 1989 වසරේ දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ සිංහරාජ වනාන්තරය ගැන බොහෝ දෙනෙකු මේ දිනවල උනන්දුවක් දක්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. 

සිංහරාජය දිස්ත්‍රික්ක තුනකට මායිම්ව ඇති වනාන්තරයක් වේ.

සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන සිංහරාජ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය රත්නපුරය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබෙනවා. හෙක්ටයාර 11187ක විශාලත්වයකින් යුත් සිංහරාජ වනාන්තරය එක් එක් දිශාවෙන් මායිම්ව ඇත්තේ මෙසේයි.


දකුණු දිශාවෙන්- ගිං ගඟ සහ මහදොළ 


උතුරු දිශාවෙන්- නාපොල දොළ සහ කොස්ගුලන ගඟ

 
බටහිර දිශාවෙන්- කළුකන්දාව ඇළ සහ කුඩව ගඟ 


නැගෙනහිර දිශාවෙන්- මෝනිංසයිඩ් වතු යාය

 
එසේම සිංහරාජ වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග 4ක් තිබෙනවා. පහත දක්වා ඇත්තේ එම මාර්ග හතර යි. 


1) දෙනියාය-පල්ලේගම මාර්ගය

 
2) කලවාන-වැද්දාගල මාර්ගය

 
3) රක්වාන-මෝනිංසයිඩ් මාර්ගය

 
4) හිනිදුම-නෙළුව මාර්ගය 


සිංහරාජ වනාන්තරය තුළ මීටර් 600කට වඩා උසකින් යුත් කඳු මුදුන් 5ක් පිහිටා තිබෙනවා. සිංහරාජයේ උසම ස්ථානය මීටර් 1171ක පමණ උසකින් පිහිටා තිබෙන හිනිපිටිගල කන්ද යි. පහත දක්වා ඇත්තේ සිංහරාජයේ උසම කඳු මුදුන් පහ යි.
1) කොස්ගුලන 
2) සිංහගල 
3) මුලා වැල්ල 
4) හිනිපිටිගල- නැගෙනහිර 
5) හිනිපිටිගල- බටහිර 
සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන ප්‍රදේශයට මි.මී 3000-6000 අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එසේම එම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 අතර පරාසයක පවතිනවා. මෙම ප්‍රදේශයට හොඳින් වර්ෂාව පතිත වන නිසා සුන්දර දිය ඇළි කිහිපයක් නිර්මාණය වී තිබෙනවා. බ්‍රාහ්මණ ඇල්ල, දූව්ලි ඇල්ල, සහ ඌරා වැටුණු ඇල්ල එම දිය ඇළි කිහිපය අතරට අයත් වනවා.


සිංහරාජයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර 5කින් යුක්ත යි. 

ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ හෙක්ටයාරයකට 240000ක පමණ ශාක ඝනත්වයක් දක්නට ලැබෙනවා. මෙහි දී දක්නට ලැබෙන දැවමය වටිනාකමක් ඇති ශාක විශේෂ 340 අතරින් ශාක විශේෂ 192ක්ම ලංකාවට ආවේණික ඒවා යි. එම ශාක විශේෂ 192ක අතරින් 15ක් දක්නට ලැබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ දී පමණ යි. එසේම මෙහි ඇති ශාකවලින් 75%ක පමණ ප්‍රමාණයක් මෙරටට ආවේණික ශාක විශේෂ යි. පහත දක්වා තිබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ පිහිටා තිබෙන ශාක පද්ධතියේ ප්‍රධාන ස්ථර 5 පිළිබඳව යි. 
1) නෙරු ස්ථරය- දොරණ, හොර, භූ හොර වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා 
2) වියන් ස්ථරය-  බෙරලිය, ඇටඹ, බටු නා, වැලිපියන්න, කීන වැනි ශාකවලින්  පෝෂණය වී තිබෙනවා 
3) උප වියන් ස්ථරය- උබ්බේරිය, කිතුල්, ගල් හැඩවක, මලබොඩ, කටමොද වැනි ශාකවලින්  පෝෂණය වී තිබෙනවා 
4) යටි වියන් ස්ථරය- කුඩුම්බේරිය, මඩොල්, අතුකැටිය  වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා
5) බිම් ස්ථරය- මී වන, වැරණිය, කැප්පෙටිය, ගිණිහොට වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා

සිංහරාජයේ දී දක්නට ලැබෙන සතුන් වර්ග

සිංහරාජය අවට ගම්වල සිටින ගම්වාසීන් පවසන්නේ අතීතයේ දී මෙම වනාන්තරය තුළ අලින් බහුලව සිටි බව යි. නමුත් වර්තමානය වන විට මෙහි සිටින අලි ගහණය විශාල ලෙස අඩු වී තිබෙනවා. නමුත් ගෝනා, කොළ දිවියා, ඕලු මුවා, වැනි සත්ත්ව විශේෂ රැසක් මෙම වනාන්තරය තුළ දී දැකගන්නට පුළුවන්. එසේම මෙරටට ආවේණික ක්ෂීරපායී සත්ත්ව විශේෂ‍යන් 12න් 8ක් මෙහි දී දක්නට ලැබෙනවා. තවද පක්ෂි විශේෂ 160ක් පමණ වාසය කරන මෙම වනාන්තරයේ ලංකාවට ආවේණික පක්ෂීන් විශේෂ 18ක් පමණ දැකිය හැකියි. හිස අළු දෙමලිච්චා, කැහිබෙල්ලා, සහ පතිගෝමර තිරාසිකයා එම කුරුළු විශේෂ අතරට අයත් වනවා. 

එසේම මෙහි විශේෂ 45 කට අයත් උරගයන් සිටින අතර, ඉන් විශේෂ 21 කම ශී‍්‍ර ලංකාවට අවේණික යි. එලෙස ලංකාවට ආවේණික උරග වර්ග අතරට කටුසු විශේෂයන් කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන් ද අයත්. ඊට අමතරව අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ‍යන් දෙක ද සිංහරාජයේ දී දැකිය හැකියි. තවද මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා සහ පුංචි අං කටුස්සා සිංහරාජයේ දී හමුවනවා. 
අතිශය දුර්ලභ උභයජීවී විශේෂයන් 50ක් පම සිංහරාජයේ වාසය කරනවා. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම්වල පස් යට ජීවත් වනවා. එසේම ක්ෂීරපායීන් 40ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 20ක්, සහ සමනළ විශේෂ 65ක් පමණ සිංහරාජ වනාන්තරයේ දී හමුවනවා.

ලෝක උරුමයක් බවට පත්වීම

ජලපෝෂක ප්‍රදේශයක් ලෙස මෙම වනාන්තරයෙහි ඇති වැදගත්කම, ජෛව විද්‍යාත්මක වැදගත්කම සහ ඉන් සිදුකරන දැවැන්ත පාරිසරික පද්ධති සේවාවන් සලකා බලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ජාත්‍යන්තර මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් කෙරුනේ 1978 වසරේ දී යි. 1988 වසරේ දී මෙහි ඇති ජාතික වැදගත්කම ගැන සකලා බලා ජාතික උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා. ඉන් වසරකට පසුව එනම් 1989 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරා. 

Monday, January 5, 2026

 ගාලු කොටු පවුර


ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.
වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.

ලෝකයේ ම අවධානය දිනාගත් සහ රටේ අභිමානය, ගාලු කොටුවේ ශීෂ්ටාචාරය, සංස්කෘතිය හා එහි ස්වාභාවික අලංකාරයන් විසින් වැඩි දියුණු කර ඇත. වසර 2500 ක ඉතිහාසයකට හිමිකම් කියන පුරාණ විද්‍යාත්මත වස්තූන් මෙහි බොහොමයක් ඇත. ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් ජෛව විවිධත්වයක් ඇති උණුසුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වර්ගීකරණය කර ඇත.

එක් පැත්තකින් නිමක් නැති සාගරය සමඟ ගාල්ල ලන්දේසි කොටුව අඳුරු ,ඝන ගල් බිත්ති මගින් ආරක්ෂාවක් ඇති දුර්ලභ ඓතිහාසික මැණිකක් වැනිය. ගාලු කොටුව ඇතුළත මාර්ග ඉතා වේගවත් ලෙස වෙනස්වී ඇත. යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ද නම්කර ඇත.

ලෝකයේ ම අවධානය දිනාගත් සහ රටේ අභිමානය, ගාලු කොටුවේ ශීෂ්ටාචාරය, සංස්කෘතිය හා එහි ස්වාභාවික අලංකාරයන් විසින් වැඩි දියුණු කර ඇත. වසර 2500 ක ඉතිහාසයකට හිමිකම් කියන පුරාණ විද්‍යාත්මත වස්තූන් මෙහි බොහොමයක් ඇත. ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් ජෛව විවිධත්වයක් ඇති උණුසුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වර්ගීකරණය කර ඇත.

එක් පැත්තකින් නිමක් නැති සාගරය සමඟ ගාල්ල ලන්දේසි කොටුව අඳුරු ,ඝන ගල් බිත්ති මගින් ආරක්ෂාවක් ඇති දුර්ලභ ඓතිහාසික මැණිකක් වැනිය. ගාලු කොටුව ඇතුළත මාර්ග ඉතා වේගවත් ලෙස වෙනස්වී ඇත. යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ද නම්කර ඇත.

ලෝකයේ ම අවධානය දිනාගත් සහ රටේ අභිමානය, ගාලු කොටුවේ ශීෂ්ටාචාරය, සංස්කෘතිය හා එහි ස්වාභාවික අලංකාරයන් විසින් වැඩි දියුණු කර ඇත. වසර 2500 ක ඉතිහාසයකට හිමිකම් කියන පුරාණ විද්‍යාත්මත වස්තූන් මෙහි බොහොමයක් ඇත. ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් ජෛව විවිධත්වයක් ඇති උණුසුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වර්ගීකරණය කර ඇත.

එක් පැත්තකින් නිමක් නැති සාගරය සමඟ ගාල්ල ලන්දේසි කොටුව අඳුරු ,ඝන ගල් බිත්ති මගින් ආරක්ෂාවක් ඇති දුර්ලභ ඓතිහාසික මැණිකක් වැනිය. ගාලු කොටුව ඇතුළත මාර්ග ඉතා වේගවත් ලෙස වෙනස්වී ඇත. යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ද නම්කර ඇත.


Sunday, January 4, 2026

 

ඉපැරණි රජ්ජුරු බණ්ඩාර දෙවොල හෙවත් ‍ඵෙතිහාසික ගැටබරු

රජමහා විහාරය🙏

මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටි ඉපැරණි රජ්ජුරු බණ්ඩාර දෙවොල හෙවත් ‍ඵෙතිහාසික ගැටබරු රජමහා විහාරය ඵෙතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් ගන්නා පුදබිමකි.

විශේෂයෙන්ම ‍ඵෙතිහාසික මානවයන් විසූ බවට සැලකෙන ඉපැරණි ලෙනක්,‍ඵෙතිහාසික වටිනාකමකින් යුත් ඉපැරණි රජමහා විහාරයක් ලෙසත්, දක්ෂිණ දීපයේ ජනීජනයාගේ ශ්‍රී ලාංකීය බොහෝ බෞද්ධ ජනතාවගේත් අචල විශ්වාසයත් ගෞරවාදරයට පත් ගැටබරු රජ්ජුරු බණ්ඩාරදෙවියන් වෙනුවෙන්  තැනූ දේවමන්දිරයක් ලෙසත් මෙම පුදබිම බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට වර්තමානය වන විට පත්වී ඇත. විශේෂයෙන්ම දකුණේ වැසියන් තුළ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පවතින්නේ ගෞරවාන්විත භක්තියක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියකි. 

ගැටබරු රජමහා විහාරය මුහුදු මට්ටමින් අඩි 1500 උසින් පිහිටි ගැටබරු ශිඛකරය තුළ පිහිටා ඇති අතර, රක්වාන හෙල් වැටියටත්, සිංහරාජ කඳු වළල්ලටත්, මොරවක් කදු වළල්ලටත් මැදිව පිහිටා ඇත.  මෙම ‍ඵෙතිහාසික පුදබිමේ විද්‍යමාන වූ  පෞරාණික ලක්ෂණ කිසිවක් අද කියැවිය නොහැකි මට්ටමකට නවීකරණය වී ඇත. කටාරම් කොටන ලද ලෙන අදටත් දැක ගත හැකිය.මෙහි පිහිටා තිබෙන චෛත්‍ය සහ බෝධින් වහන්සේගේ පෞරාණිකත්වය තීරණය වන කිසිදු සාක්ෂියක් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.


ගැටබරු රජමහා විහාරයේ ආරම්භය වළගම්බා රජුගේ රාජ පාලන කාලයේ මෙරට බෞද්ධ ජනතාව වෙනුවෙන් දයාද වූ බව සැලකේ. එහි ආරම්භය වළගම්බා රජු සමයේ ඉදිවූයේ යැයි ලිඛිත සාක්ෂි අල්ප වුවත් මුඛ පරම්පරාගත විශ්වාස අනුවඑම මතයන් බොහෝ දුරට පිළිගත හැකිය. වළගම්බා රජතුමන් රුහුණු මයා දෙරටේ  සැඟවී සිටිමින් සේනා සංවිධානය කරද්දී රජුට ආරක්ෂාව හා රැකවරණය සලසා ලක් රජය එක්සේසත් කිරීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් කරන ලද උපකාරවලට කෘතගුණ සැලකීමක් ලෙස රට එක්සේසත් කිරීමෙන් පසු මෙම දෙවොල ඉදිකළ බව ජනප්‍රවාදයේ පවතී. විශේෂයෙන්ම වළගම්බා නිරිදුන් කරවන ලද යැයි සැලකෙන විහාරස්ථානවල පමණක් දක්නට ලැබෙන බස්නාහිර දෙවිදුන්ගේ ප්‍රතිමාව පිළිබඳ සලකා බලන විට පෙනී යන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් හා රජු අතර ඉතා සමීප සම්බන්ධයක් තිබූ බවයි.
රුහුණේ වෙසෙන දෙවිවරුන් අතර කතරගම දෙවියන්ගේ බල පරාක්‍රමය, තේජස, කීර්තිය සම කළ හැකි දෙවියෙකු නොමැති බව බොහෝ ජනතාවගේ විශ්වාසයයි. තේජාන්විත මහ බල පරාක්‍රම, කතරගම දෙවිදුන් හැරුණු විට ඊළග ප්‍රධානතම දෙවියන් ලෙස රජ්ජුරු බණ්ඩාර දෙවියන් ඇතමුන් සලකන අතර, කතරගම දෙවිදුන්ගේ සමීපතම මිතුරෙකු ලෙසත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් සැලකේ. 
මුළු මහත් රුහුණු රට පුරාම තම බල පරාක්‍රමය විහිදුවා ගෙන සිටින රජ්ජුරු බණ්ඩාර දෙවියන් හෙවත් ගැටබරු දෙවියන්ට පාත දෙවි හාමුදුරුවන්,බස්නාහිර දෙවියන්, බටහිර දෙවියන් වැනි අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වීමට ඇතැම්හු පුරුදු ව සිටිති. 

එවන් විශ්වකර්මිත ගෞරවාදරයට පාත්‍ර වූ දෙවියෙකු වැඩ සිටින පූජනීය පුද බිමක් ලෙස ගැටබරු රජමහා විහාරය දහසකුත් බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට හා වැදුම්පිදුම් ලැබීමට තරම් පින්බිමක් වීම අරුමයක් නොවේ. කාලාන්තරයක් වල්බිහිවී කැලයට නතුවී තිබූ ඵෙතිහාසික ගැටබරු රජමහා විහාරය නැවත හමුවීම රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ හාස්කමක් ලෙස බොහෝ ගැමි ජනතාවගේ විශ්වාසය හා මතයයි. වර්ෂ 1834 දී කොටපොළ කෙහෙල් කොරටුව නමැති නිවසේ විසූ එලියස් හාමි දිනක් දඩයම පිණිස ගැටබරු කන්දට නැග ඇත. එහිදී ගෝනෙකු දැක ඔහු පසුපස ලුහුබඳින විට ගෝනා ගල් ගුහාවකට රිංගා ඇත. පසුව ඔහු  ගෝනා සෙවීම පසෙකලා ගල්ගුහාව විපරම් කළ බවත්. එවිට ගුහාව තුළ පිහිටි මනරම් වූ දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දුටු බවත් අනතුරුව මේ පිළිබඳ  ප්‍රදේශයේ ගම්වැසියන්ට සැලකර ඇති අතර මොරවක කැටගොඩ නම් උපාසක තැන මෙම ස්ථානයේ පැල් බැඳ එළිපෙහෙලි කර ගම්වාසීන්ගේ ආරාධනයෙන් වීරසිංහ කන්දේත් සුමංගල මහා නා හිමියන් අලුතින් තැනූ ආරාමයට වැඩමවාලූ බවත් පැවසේ. මෙම පුවත මෙම විහාරස්ථානයේ පොත් ගුලෙහි ඇති ඉපැරණි පුස්කොළ පොතක පවා සඳහන් කර ඇත. 


තේජ බල සම්පන්න රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් පුදසත්කාර පිදිවිලි කරන වෙනත් ස්ථාන පැවතුනත් බොහෝ ජනතාව අනාදිමත් කාලයක සිට පුරුදු වී සිටින්නේ ගැටබරු රජ මහා විහාරස්ථානයට යාමටයි. මොරවක් කෝරලයේ ගැමියන් මෙන්ම දකුණේ බොහෝ සැදැහැති බෞද්ධ ජනතාව වර්ෂයක් පුරාවට එකතු කරගන්නා ලද පඬුරු  හා තම මහන්සියෙන් වගා කරන ලද භව භෝග වගාවන්හි දෙවියන් වෙනුවෙන් කැප කරන ලද කොටස ඔප්පු කිරීමට යොදා ගනු ලබන්නේ ගැටබරු රජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයේදීය.

වාර්ෂිකව දහස් ගණනක් ජනතාව තමන්ගේ දුක් අඳෝනා, බාරහාර, අවලාද, සෙත් ශාන්ති වෙනුවෙන් පූජා පැවැත්වීමට මෙම පුදබිමට පැමිණෙන්නේ මෙහි වැඩවාසය කරන රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ඇති බල මහිමයත්, මෙම පුදබිමේ ඇති ඵෙතිහාසික වටිනාකමත් නිසාය. 







Thursday, January 1, 2026

එලමල්දෙනියෙ යමුද?


 

පිහිටීම

කොටපොළ (පිටබැද්දර) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ය. අකුරැස්ස-සියඹලාගොඩ මාර්ගයේ සැතපුම් තුනක් ගියවිට හමුවන එළමල්දෙණිය මංසන්ධියෙන් දකුණට හැරී එළමල්දෙණිය පන්සල පාරේ තවත් සැතපුම් දෙකක් පමණ ගමන් කළ විට මෙම විහාරය හමු වේ‍

ඉතිහාසය

ජනප්‍රවාදයට අනුව සද්ධාතිස්ස රජු (කිු.පූ.137-119) මෙම විහාරය ඉදිකර ඇත.[1] රජු මෙතැනින් ගමන් ගන්නා විට පුද පූජා පවත්වන්නට විහාරයක් සාදා රජු සමඟ පැමිණි පිරිසෙන් කොටසක් මෙහි නවත්වා ඇත. එම පිරිසෙන් ගම බිහි වී ඇත. වර්තමානයේ දී එළමල්දෙණිය කුඹුරු යායකි. අතීතයේ දී එය ලඳු කැළෑ සහිත දෙණියක් විය. ගමක් නොතිබුණත් පිටබැද්දර සිට මුලටියන ගමන් ගන්නා විටත් අකුරැස්ස, ඕපාගොඩ, ඌරුමුත්ත හරහා පනාකඩුව, දියදාව, සියඹලාගොඩ වැනි ප්‍රදේශ කරා යන විටත් මෙම ස්ථානය පසුකර යා යුතුය. මෙම දෙණියේ සුදු පැහැති මල් වර්ගයක් තිබිණි. සුදු මල් තිබූ නිසා එය එළමල්දෙණිය ලෙස හඳුන්වා ඇත.

‍‍චෛත්‍යය අසල ගල්තලාවේ ඇති ලිපිය විනාශ කිරීම සම්බන්ධව තොරතුරු ද ජනප්‍රවාදයේ පවතී. මෙම විහාරයේ භාරකාරත්වය රජු විසින් නවතා ගිය පිරිස විසින් දරන ලද අතර අවට ගම්වාසීන් මෙහි ඉඩම්වල වගා කර ඇත. අස්වැන්න රැගෙන යන විට විහාරයේ භාරකරුවන් එහි කොටස ඉල්ලා ඇත. එහි දී එය දීමට ප්‍රතික්ෂේප කළත් සෙල්ලිපිය පෙන්වූ විට විහාරයේ කොටස දීමට සිදුවී තිබේ. ඒ නිසා කෝප වූ ගම්වාසීන් මෙම සෙල්ලිපිය විනාශ කළ බව විශ්වාස කෙරේ.


විහාරය

 ආවාස ගෙයි සිට සැතපුම් කාලක් පමණ කන්ද බැස අලංකාර දිය පහරක් පසුකර නැවත සැතපුම් කාලක් පමණ පඩි පෙළක් ඔස්සේ කන්ද තරණය කිරීමෙන් ලෙන් විහාරයට ළඟා වීමට පුළුවන. එතැන් සිට තවත් මීටර් 300 ක් පමණ දුරින් ‍චෛත්‍යය ඇති අතර එය අභිනවයෙන් ඉදි කරන ලද්දකි.‍ චෛත්‍යය පිටුපසින් කියවාගත නොහැකි ලෙස අකුරු මැකී ගිය සෙල්ලිපියක් වේ‍. ලෙන් විහාරයේ සැතපෙන පිළිමයක් හා හිටි පිළිම ද කතරගම හා විෂ්ණු දේව ප්‍රතිමා ද වේ‍. ලෙන් බිත්තිවල නුවර යුගයේ ලක්ෂණ සහිත සිතුවම් ඇතත් ඒවා එතරම් පැරණි නොවන බව පැහැදිලි වේ‍. මෙම ලෙනට පහළින් ඇති කුඩා ප්‍රමාණයේ ලෙන් දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර ඇත. ලෙන් විහාරයක් වන මෙහි 12 රියන් සැතපෙන බුදු පිළිමයක් හා හිටි පිළිම දෙකක් ඇත. මේවා මහනුවර සම්ප්‍රදායේ ප්‍රතිමා වේ‍.

මෙහි ඇති ලෙන් විහාරය මෙන් ම ආවාස ගෙය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.


  කලා වැව කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව ...