පොලොන්නරුව
නිශ්ෂන්ක රාජ සභ මණ්ඩපයශී්ර ලංකාවේ පැරැණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.
අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි.
පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුළින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු කි‍්‍රස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. කි‍්‍රස්තු වර්ෂ 633 දී තුන්වැනි අග‍්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක්
පිළිබඳ තොරතුරුද සඳහන් වේ. අනුරාධපුර රාජධානිය පැවැති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් වංශකථා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක‍්‍රමණය කොට අනුරාධපුරය රාජධානිය වනසා පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
වට දාගේ
වර්ෂ 1187 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාරා රාම ප‍්‍රතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
දේශීය රජවරු පහළොස් දෙනෙක් ද ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක‍්‍රමණයෙන් බිඳවැටේ.
නැවත දෙවැනි පරාක‍්‍රමබාහු මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.
යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාක‍්‍රමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර කි‍්‍රස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.
පරාක‍්‍රමබාහු පිළිමය
ඉන් පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බි‍්‍රතාන්‍ය සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසළ කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරාක‍්‍රමබාහු මාළිගය, නිශ්ශංකමල්ල මාළිගය, පරාක‍්‍රමබාහු රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්‍ය පාලනයේ ශී‍්‍ර විභූතිය කියාපාන සාධකයෝය.
නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙර ද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක‍්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් සෘෂි වරයාගේයැයි ද මතයක් තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම චෛත්‍යය වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී චෛත්‍යයනුත් බද්ධ සීමා ප‍්‍රාසාදය, ලකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැගි නිර්මාණයෝය.
රන්කොත් වෙහෙර
මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැඹෙන පොළොන්නරු නගරය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි.
.jpg)



1 comment:
🌼❤️
Post a Comment