ෆැට්නා දිය ගලේ ලිස්සලා යමු
මා ඉපදුනු සුන්දර නගරයක් වන දෙනියාය නගරයේ විහාර හේනේ පිහිටා ඇති මතුරට වැවිලි සමාගමට අයත් එනසල් වත්ත වතුයායේ ෆැට්නා වතු කොටසේ පිහිටා තිබෙන අපූරු ස්ථානයක් ගැනයි මේ කියන්න යන්නේ ඒ තමයි බොහෝ දෙස් විදෙස් සංචාරකයන්ගේ නවාතැන්පලක් වූ ෆැට්නා.
සුන්දර ගල්තලාවක් මැදින් ගලායන ස්වභාවික ජල පහර මෙහි එන සංචාරකයින්ගේ හිතත් ගතක් දෙකම අමන්දානන්දයට පත් කරවනව.
ගල්තලාව මත ගලායන දිය පහර මතින් නිසා පහළට යන්න මෙහි එන කිසිවෙකුත් අමතක කරන්නේ නැහැ.
ඒ අපූරු ස්වභාවික අත්දැකීමට මුහුණ දෙන්න තමයි සංචාරකයින් විශාල ප්රමාණයක් ෆැට්නා වෙත ඇදී එන්නේ.
ලංකාවේ සෑම තැනින්ම මෙහි සංචාරය කිරීමට පැමිණෙන්නේ මෙහි තිබෙන සුන්දරත්වය නිසාවෙනි.
නමුත් ස්වභාව දහම ගැන තැකීමක් නැති සංචාරකයින්ගෙන් ඇතැම් ක්රියාවන් නිසා මෙම සුන්දර ස්ථානය දැන් දැන් අසුන්දර වෙමින් පවතිනවා පවතිනවා. එම නිසා මෙහි යන සංචාරකයෙන් පරිසරයට හානියක් නොවන අන්දමින් මෙහි විනෝද වීමට වග බලා ගත යුතුයි ඔබත් ඒ වගකීම හිතේ දරාගෙන ෆැට්නා ගිහින් එන්න.
