Saturday, February 28, 2026

 කොට්ටව වන අරණ



ගාලූ නගරයේ සිට උඩුගම මාර්ගය ඔස්සේ කිලෝ මීටර 15 ක් පමණ ගමන්ගත් විට මාර්ගය දෙපස දැකිය හැකි සුන්දර වන ගහණය කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරයයි.

මුහුදු මට්ටමේ සිට මීටර 50 ත් 300 ත් අතර උසකින් පිහිටා ඇති මෙම වන ගොමුව නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. මෙයට සියවස් ගණනාවකට පෙර උතුරු දෙසින් කන්නෙළිය හා සිංහරාජය යන වර්ෂා වනාන්තරයන් හා සම්බන්ධව තිබූ බවට සාධක ඇතත් වර්තමානයේ ගම්මාන 19 කට වටවූ කුඩා වනගොමුවක් බවට පත්ව ඇත්තේ වනාන්තර විනාශයේ තරම පෙන්වා දෙමිනි.

1931 දී මෙම වනාන්තරය සම්බන්ධව අධ්‍යයන කටයුතු කිරීම සඳහා අක්කර 38 ක වන උද්‍යානයක් වෙන්කර ඇති අතර 1937 දී කොට්ටව වන උද්‍යානයක් ලෙසින්ද පසුකාලීනව කොට්ටව කෝඹල රක්ෂිතයක් ලෙසින්ද නම් කර තිබේ.
දෙවන ලෝක යුධ සමයේදී බි‍්‍රටිෂන් එම්පයර් නැමැති ආරක්ෂිත යුධ මෙහෙයුම් මූලස්ථානය බවට පත්කරගෙන ඇත්තේද කොට්ටව වනාන්තරයයි.
ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකට වාසස්ථානය වූ කොට්ටව කෝඹල රක්ෂිතය අනාගතය වෙනුවෙන් රැකගත යුතු වටිනා සම්පතකි.

Saturday, February 21, 2026

 

සංස්කෘතික උරුමය


ගම්මඩුව



සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි.
අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි.
ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම ගොවියා වාර්ෂිකව සිදුකරන කාර්යයකි.
එක් ගමෙක පමණක් නොව ගම් හතක පමණ පිරිසක් එකතුවන ගම්මඩු ශාන්තිකර්මය විවිධ හේතූ නිසා ක‍්‍රමයෙන් අපගෙන් ඈත්වී අභාවයට යමින් පවතී. පාරම්පරිකව හා විවිධ ගුරුගෝල සම්බන්ධතා මත පැවතෙමින් ආ මේ මහා ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය පරම්පරාව කෙළවර වීමත්, නාගරීකරණයත්, කුල බලපැමත්, ආර්ථික ව්‍යුහයේ වෙනස්වීමත්, රැුකියා සඳහා ගමෙන් පිටවීමත්, විදේශගතවීමත්, ගුරුමුෂ්ටි තබා ගැනිමත් වැනි හේතූ නිසා ද රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය වැනි නවීන රසවින්දනාත්මක මෙවලම් නිසා ද තර්ජනයට ලක් වී ඇත. ගම්මඩුවේදී පත්තිනි දේවිය, දෙවොල් දෙවි ප‍්‍රධාන සතරවරම් දෙවියන් ප‍්‍රාදේශීයව වෙනස්වුවත් සමන්දෙවි
නාථදෙවි විෂ්ණු දෙවි කතරගම දෙවි විභීෂණ දෙවියන්ගෙන් සතර දෙනෙක් පුද ලබති.
දෙවොල් මඩුවේදී අනුගමනය කරන පුජා රටා ස්තී‍්‍ර පුරුෂයන් අතර ප‍්‍රජනන ක‍්‍රියාවලිය උත්තේජනය කිරීමේ සියුම් පණිවුඩයක් ද දෙයිග පරපුර පවත්වාගෙන යෑමෙන් පොළොවේ සශ්‍රීකත්වය වර්ධනය වෙතියි යන විශ්වාසය මෙම ශාන්ති කර්මයට ද පසුබිම් වී ඇතැයි පැරැණියෝ කියති
ගම් මඩුවක ප‍්‍රධානයා කපුපත්තිනි, පත්තිනිහාමි පත්තිනි මහත්මයා, කපුරාල නොහොත් කපු මහත්මයාය. මඩු ශාන්ති කර්මයට එක්වන ඇදුරන් නිති තිසරණ පන්සිල් රකින නුවණැති, ශාස්ත‍්‍ර මනාකොට උගත් අය විය යුතුය. මහත් ඝෝෂා හඬින් කතාකරන ශබ්ද නගා අඩි තබමින් වටපිට බලමින් ගමන් කරන වැඩි උස් හෝ මිටි නොවන තළෙලූ පැහැපත් පී‍්‍රති ජනක කතා ඇති ඇදුරන්ම යෝග්‍ය යැයි දක්වයි. හිසකෙස් වඩා බොකුටුව දත් බොල්ලෑ දෑසින් කබ කඳුළු ගලන ඇඟ, කොරළ ඇති, වපර ඇස් ඇති, දත් අවලක්ෂණ ඇදුරන් යාගයට නොගතයුතු බව පැරැණි යාග කවිවලින් පැවැසෙයි. වාචාල බස් දොඩන, සුරාසොඬ, අවකල් කි‍්‍රයා ඇති ඇදුරන්ගෙන් ශන්තියක් නොලැබේ.

මඩුපුර යාග කවි

උකුල් ඇටය නෙරවා පස්සදික් වන
කකුල් බකල වී තොල් කබරසෑදෙමින
මයිල් නැතිව ඇඟ තැන තැන කැලල්වන
කෝල් මුර යාගයට නොගනු මේදන
සුභ වැඩක් ඇරැඹීමට ප‍්‍රථම කප් සිටුවීම පුරාණයේ සිට පැවතෙන සිංහලයාගේ චාරිත‍්‍රයකි. ගම්මඩුවක් නටන බව ඊට සතියකට හෝ දෙකකට කලින් කප් සිටුවා භාරහාර වෙති. කිරි සහිත රුකකින් හත් රියනක් උසට කපාගත් කණුවක් කපා ගනියි. කප සිටවූ දා සිට දින ගණන අනුව නවදා ගී මඩුව, හත්දා ගී මඩුව, පස්දා ගී මඩුව, තුන්දා ගී මඩුව වශයෙන් වෙයි.
රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි බමුණුකුලට මිණි තොරණින් හත්දවසක් යාග කළයි වෙළෙඳ කුලට පිළිතොරණින් පස් දවසක් යාග කළයි ගොවි කුළයට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි
උඩින් දෙපසට විහිදෙන සේ පල දෙකේ පියස්සකින් යුත් මඩුව (පොල් අතු සෙවිලි කළ) දිගින් රියන් හැටකි. පළලින් රියන් විස්සකි නැත්නම් තිහකි. මඩුව ඉදිරිපිට නැටුම් හා පුද චාරිත‍්‍ර ඉටුකිරීම සඳහා කොටසකි. මඩුවේ සිට මෙම කොටස වැටකින් වෙන්කරනුයේ් පිටත සිට නැරැඹිය හැකි ලෙසයි. මෙම වැට ද ගොක් කොළ වලින් සරසයි. මඩුවේ එක් පසෙක අලංකාර තොරණක් ඉදිකරයි. සෙසු පැති හා තොරණට මුහුණ ලා ඇති ඉදිරි මායිමේ මල් පැල පුද ලබන සෙසු දෙවියන් උදෙසාය.
තොරණ ගේ, පත්තනි තොරණ හෙවත් මකර තොරණ රඹ පතුරු සැරසිලි මොස්තරයෙන් මෙන්ම දේශීය මාලා කර්ම, ලතා කර්ම, රටාවන්ගෙන් ද අලංකෘත වෙයි. දිග හත් රියනක් විය යුතුයැයි සම්මතයෙකි.
තොරණ පුවක් පටි බැඳ, හබරලකොළ. කෙසෙල් කොළ, කෙසල් පතුරු, පොල් කොළ, ගොක් කොළ, ඉරටු, ඉඳිකටු (ඉඳිගසේ කටු) ආදියෙන් කෙරෙන සැරසිලිවල දී වල් බෙලි, වල්ල පට්ටා ආදි පට්ටා විශේෂයෙන් තොරණ නිමකර පලාපෙති, වඩිම්බු, ලියපත්, තිරිඟි තල හා ගල්බිංදුව වැනි කැටයම් මෝස්තරවලින් හැඩකරයි රජවරුන් දෙදෙනකුගේ රූප, ගජබා රජු හා කේරළයේ සේරමාන් පෙරුමාල් රජු දෙපස ද ගිරා, පරවි හා වටු රුප ද චිත‍්‍රනය කරයි.
පොරණ පළමු නිරිඳුගෙ ලෙඩ හරින්න
කරන යාග බමුනන් කැඳවමින් සි
පුරණ පති දහම් පත්තිනි දෙවි නම
තොරණ දැකපු බලයෙන් දොස ගියෙ දුර
ගිරා පරවියො මයුරකෝකිල වටට සදමින්ආසනේ
සරා රන්කොත් පිහිටුවාගෙන මුදුන මකරිඳුවාහනේ
සරා සුදු උඩුවියන් බඳිමින් රඟට සිතුවම්කරමිනේ
විරාජිත මේ තොරණ බලයෙන් සියළු විපරිතහරිමිනේ
පත්තිනි දෙවියන් ප‍්‍රමුඛ දෙවියන් වෙනුවෙන් කැප කරන පූජාවස්තුවක් වන තොරණ ආසන තුනකින් සමන්විත වෙයි. ප‍්‍රධාන ආසන පත්තිනි දේවියගේ පත්තිනි සළඹ අඹය දුන්න ආදී පූජා භාණ්ඩ තැන්පත් කිරීමටයි.
කේරළයේ වේරමාන්පූර්හි සේරමාන් පෙරුමාල් රජුගේ හිසරදයක් දුරලීමට ගම්මඩුව මුලින්ම පැවැත්වු බව ජනවහර ගෙන හැරපායි. එනමුත් දෙවොල් මඩු කවි වලදී මුල් ස්වරූපයට දේශීයත්වයක් කාවද්දා දේශීය රජකු හැටියට ද දක්වයි
එකල් පෙරදවසා
සේරමානන් රජුගේසිරසා
ගිනිජල් ගතිරොසා
එදා ගම්මඩු ගන්නඑනිසා
විවිධ පෙදෙස්හි ගම්මඩුවෙහි සුළු වෙනස්කම් තිබුනත් පහතරට සබරගමුව හා උඩරට පෙදෙස්හි ගම්මඩුවේ බොහෝ වෙනස්කම් වෙයි. එනමුත් පත්තිනි භාගය වාහල භාගය හා දෙවොල් භාගය යනුවෙන් පත්තිනි දේවිය, දෙවොල් දෙවි, වාහල දෙවි වෙනුවෙන් කොටස් තුනකි.
පහතරට ගම්මඩුව මැල කැපීම, පහන් පූජාව කාල පන්දම් පිහිටැවීම, පිදේනි දීම, යහන් පිදීම, බිසෝකප සිටුවීම, තොරණ යාගය, පත්තිනි නැටුම, තෙල්මෙ නැටුම, වාහල නැටුම, අඹ විදමන, රාම මැරිල්ල හා මරා ඉපැද්දීම, දෙවොල් නැටීම හා මැල පෑගීම, කිරි ඉතිරවීම, ගරා නැටුම දෙවියන්ට පින්දීම හා දානය වශයෙන් පෙළ ගැස්වෙයි.

මඩු පේ කිරීම

දෙවොල් මඩු ශාන්ති කර්මය ආරම්භක දින මඩු පේ කරයි. පසු දිනයේ මඩුව නටයි. මඩුව පැවැත්වීම සඳහා කපු මහතා ගමේ සීමාවට පැමිණ සක් පිඹ තමන් පැමිණි බව දන්වයි. උඩුවියන් පාවඩ සහිතව දේවාභරණ රැගත් කපු මහතා ගැමියන් සමඟ ගම සතර කොනේ මල් යහන් වෙත බෙර හා තූර්ය වාදන සහිතව පේලි යයි. මල් යහන්වල පහන් දල්වා යාතිකා කර දෙවියන්ට පින්දී ගම්මඩු භූමියට එති.

තොටමෙට යාම හා ඔරුමාල බත් පූජාව

පසු දින නානුමුරය සඳහා කපු මහතා ඇතුළු ඇදුරෝ තොටමෙට යති. සන්ධ්‍යාවට පෙර ගංතොටත්, ඇළක්, දොළක් වෙත ගොස් දිවුල්, නුග, කලාඳුරු, නෙල්ලි ආදී කොළ යුෂ ද දෙහි, සඳුන්, කපුරු කහ මුසුකළ ජලයට බහා පිළියෙළ කළ නානුවලින් හිස් සෝදා නා පිරුවට ඇඳ යාගයට සූදානම් වෙති. ගම්මඩුවකදී නානුමුරයට පසුව ඔරුමාල බත පූජා කරයි. නොඉඳුල්ව පිසින ලද බතක් සමග හත් මාළුවක් නෑඹිලියක දමා ජලයට දමයි. තොටෙ දී ජලයට කරන පූජාව තොටමේ පූජාවයි.
ලක්හිමි නැසු තරහළු කළ වාද යෙ
නෙත් මකවා පඩිපුර ගිනිලූ තෙදි
සිත් පහදවා තපසට වැඩි අනුහසි
සත් පත්තිනි දෙවි තොටඹෙට වරන් දෙ

මිල්ල කැපීම
කැලේ ගොසින් අමු මිල්ල කපන්නේ
කැලේ වටට උඩු වියන් බඳින්නේ
රැලේ පුළුන් ලෙස දුම විහිදෙන්නේ
මැලේ ගසන්නයි දොවොල් යකුන්නේ
බොහෝ අවස්ථාවලදී මඩුවක් ඉදි කරන්නේ දෙවොලක් ආශි‍්‍රතවය. එහෙයින් මිල්ල ගසක් ඒ අසල නොතිබුනහොත් මිල්ල ගසක් සොයා දුර යාමට සිදුවන හෙයින් කලින් මිල්ල ගසක් කපා ගෙනවුත් දෙවොල අසල සිටුවා කහ දියර ඉස ගොක් රැුහැන් ඇද ශුද්ධ පවිත‍්‍රකොට තබති. කවි කියමින් බෙර වයමින් කුඩා පෙරහරකින් ගොස් කහ දියර ඉස භූමිය
ශුද්ධ ස්ථානයක් බවට පත්කර මැල කපයි. කැපූ මිල්ල ගස පසුදා ගිනි පෑගීම සඳහා පෙරහරින් ගෙනවුත් මඩුවේ ඉදිරිපස මහල් දෙවියන් පුද ලබන මල්පැල පිටුපස සිටුවා ඇති රුක් අත්තන ගසේ තැන්පත් කරයි.

හළං දෝවනය
අලුතෙන් ළිඳක් කපා උඩුවියන් පාවඩ ඇතිව එතනට පේලියෙන් ගොස් අලුතෙන් පැන් කලයක් පෙරා මඩුවට වඩමවාගෙනවුත් දේවාභරණ සෝදයි. එම හළං සේදූ ජලය ආතුර පිරිසට පානය කිරීමට හා මුහුණ අත් පා දෝවනය කිරීමට දීමෙන් සියළු රෝග උවදුරු නැතිවී ශක්තියක් ලැබෙන බව විශ්වාසයයි.

බිසෝකප සිටුවීම
කප යනු කණුව යන අර්ථය දෙයි. දෙවොල් මඩු හා ගම්මඩුවලදී පත්තිනි දේවියට බිසෝ යනුවෙන් ආමන්ත‍්‍රණය කරයි එහෙයින් පත්තිනි දේවිය වෙනුවෙන් සිටවූ කණුව බිසෝකප විය හැකි යැයි සිංහල විශ්ව කෝෂය දක්වයි. කප යනු කැප කිරීම යනුවෙන් ද අරුත් ගැන්වෙයි. ඉතා කොටට කැපූ බිසෝකප පත්තිනි තොරණ ආසන්නයේ සිටුවයි.
මෙසේ බිම මැනගෙන
දෙපසේ ඇදුරු සිටගෙන
ඉසේ දොස්හරිමින
බිසෝ කප් සිටුවන්න බිමමැන

කුරුම්බර හත්කට්ටුවට, මහසොහොන් යකුට
හා තුන් සමයමෙහි යකුට පිදේනි දීම
පෙරයම, මැදියම හා අලුයම යන තුන ්යාමයට කුරුම්බරයින්ට පිදේනි පුදයි. පිදේනි මුට්ටිය කැපකර කවි ගායනා කර මඩුවේ වහලයේ කෙළවර් හතරේ හෝ කත්තිරික්කවල තබයි.
එරන් ඔංචිල්ලා දෙවියෝ මවාපෙර
රුවන් ගමනකින් දෙවියෝ වැඩමකර
මෙවන් කරුණු දැකලා සිටියේඅසුර
වරෙන් මෙපුද ගන්නට ගිනිකුරුම්බර
යකුන්ට පිදේනි දීම
ආතුර හිසේ පිදේනි මුට්ටිය තබා මහසොහොන් යක්ෂයා ඇතුළු සමාගමේ යකුන්ට කවි කියා ආරාධනා කර මඩුවෙන් පිට යකුන් සඳහා වූ තට්ටුවලටත් දහ අට රියන් උස කුරාලයට ගොස් මහසොහොන් යකාටත් පුද කැප කරයි.
පාට සුදුයි සිය ගත අමු සොහොනට දිලෙයි ඊටනා
කැඩපත සේ මුහුණා
මිනිය අතකිනි මල් උරනා
බීත වෙලා වර ඒ මහ සොහොනා
සතර වරම් දෙවියන්ගෙ බලයෙන
කකුසඳ කෝණාගම මුනි බලයෙන
රට වට පායන ඉර හඳ බලයෙන
හැන්දෑ සමයම කළ ලෙඩ හරිමින
විට විට මුනි, දහම්, සඟ රුවන සහිතදරා
තුටුකර මෙයින් කිහි රැුළි පුල්වන් පවරා
අට විසියක් සෙනඟ පත්තිනි අතින්වරා
හැට හතරක් සමයන් යකුනි බැසවරා
ඉස වට සැඩපළු දරණ වෙලාගති
ඇතෙකු කටින් අල්ලාගෙන ලේබොති
අතකට රන්කුඹු සෙල්ල දරාගති
මහ සොහොනා සමයමට බලාඑති

සඟල පේ කිරීම
දෙවොල් මඩුවේ ඉතිහාසය ගැබ් වූ කවි ගයා සඟල වඩා ආතුරයන්ට සුදු රෙද්දකින් සෙත් පතයි
දිනුඳු කුල අගපත්
දිණා ආසිරි විකුමත්
කාවේරි පුර මහත්
සේරමානන් නිරිඳු වැජබෙත්
නොමනා වන ලෙඩත්
එරජ සිරසෙහි හටගත්
පතිනි දෙවි අඟපත්
පෙනී සිහිනෙන් කිවුයමෙපුවත්
දිලෙන මිණි බරනේ
සැදී සුරඟුන් ගුවනේ
කෑ මුකය නොදැනේ
කිමෙක මහ රජ වෙහෙස විඳිනේ
පත්තිනි දෙවිතෙදින්
හලෝ පිරිපතනොලසින්
කෙළි පුද දෙනලෙසින්
කියා නිරිඳුට ගියාඅහසින්
සිව් පහළොස්රියන්
මඩුවක් තනාසුපසන්
සොළසක් යක්දෙසුන්
පේව එසඳෙහි මනාසුපසන්
සඟල ගෙනසුරතට
දුම්මල රැගෙනවමතට
භූමි දෙවි තුතිකොට
ගන්න පාවා සඟලඅඳිනට

සඟලේ විස්තර
සතර දෙකක් එක් අඟලක් සරභගනු
සරස වසා සිටිනා දස රුවටගනු
සතර එක් අඟුල් බෝපත් තබාගනු
හිමි සැට දාඟුලයි බෝපත් ලකුණුගනු
පසඟුල් දිග කනඟුල් අඹ පුළුලකලා
තොසව රැුළි ලමින් අඳවන්ට දෙව්
නිසල පුබුදු පියුමකි සුවඳින් ලකලා
මෙලෙසට කටිය වට තබමින් රැළිලාලා
මෙසේ ලකුණු දැන සත් විදියවිසිතුරු
විසේ සවන් ගුරු ඇදුරන් තෙපුල්ගරු
තොසේ දෙවිඳු වැද නමකර පාතඹුරු
මෙසේ අඟුරු දුම්මල ලා වඩමිතුරු
අසූ දහස් නරු තබමින් අඳිනසළු
විසු තෙතිස් කෝටිය දෙවියන් නියළු
අසූ සාර ඉඩහල් උවිඳු සුළකුළු
ඇසූ පටන් ආවඩමින් මෙකපමුළු

පේ බත කැම
පේ බත යනු ඇදුරන් වෙනුවෙන් සකස් කරන විශේෂ ආහාරයයි. කොට්ටෝරුවා විසින් වෙනම මඩුවක නැවුම් හැළි වලංවල නොඉඳුල්ව මෙම ආහාරය පිසියි. මේ සඳහා කිලිකුණුවලින් තොරව පෙරාගත් වතුරත් එළවලූත් භාවිතා කරයි. මෙම ආහාරය ඇදුරන් විසින් ආහාරයට ගැනීම පේ බත කෑම නම් වෙයි.

වාහල් නැටුම
දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි.

අඹ විදමන
දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැනීමක් ලබාදෙනවා ඇත.
නම්න් පසිඳු දඹදිව තුල පඬි රට රජ කළනිරඳුට
යොදුන් ගණන් අඹ උයන් විය එහි මැද සෑදුනයසට
ඇසින් බලා බැරි නිමවන රන්කඳවෙයි ගහේපාට
ගොසින් පතිනි එ අඹ ගසේ අඹයක පිළිසිදමොනවට
අරි න සැරෙන් පොලූ ගල්කැට වෙඩි සැර ආමුනපෙරලා
කරන සටන් බැරිව සෙනග සිට ආයුධ අතහැරලා
විදින වෙහෙස දැක දිවසින් සක් රජ කරුණාකරලා
රැගෙන දුන්න සහ ඔලගුව මහළු වෙසක් ගෙනදරලා
පුරුක් නවය සන්දිනිසා දුන්න අදියි වර වරක් විදල ඊයනවන්ට
මෙසේ කව් නිරිදුට උඩබලන්ට
කලක් පවතිනා අණසක ගුවනේ කැරකීතිබෙන්ට
උලක් ඇන්න සේ අඹ කිිරි වැටුණේ පඩි නෙතමැකෙන්ට

රාම මැරිල්ල / මරා ඉපැද්දුම
රාමාගේ බිරිද මිය ගිය පසු අවමගුලට රෙදි මිලදී ගැනීමට හෙට්ටියකු සොයා බලවත් පරිශ‍්‍රමයකින් පසු හමුවූ හෙට්ටියාගෙන් බලවත් කඩෙත්තු කිරීමෙන් අනතුරුව රෙදි මිලදී ගනී. රාතී‍්‍රනිදාගෙන පසුදා ඇහැරෙන හෙට්ටියාට දක්නට ලැබෙන්නේ රෙදි සොරාගෙන ඇති බවයි. වහා රාම සැක කරන හෙට්ටියා රාමාට තලා පෙලා මරා දමයි. එහෙත් රාමාට නැවත පන දීමට සිදුවන හෙට්ටියාට පත්තිනි දේවිය උදවු කරති. නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විතව මෙම රංගනය ඉදිරිපත් කරයි. වර්තමානයේ ගව්මඩු තුළ රාම මැරිල්ල / මරා ඉපැද්්දුම ඉදිරිපත් කිරීම දුර්ලභය.

දෙවොල් නැටීම
මෙහිදී දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩ බැසිම රග දැක්වෙයි. සිද්ද දෙවොල් දෙවියෝ, දෙවොල් දෙවි හත්කට්ටුව, රටවන්දෙවි වේරගොඩදෙවි දෙවොල් බණ්ඩාර, වාහල් හාමුදුරුවො, වාහල දෙවොල්, මලල දෙවොල්්, දෙවෙල්, සීනිගම දෙවි ආදී වශයෙන් දෙවොල් දෙවියන් උදෙසා භාවිතා කරයි.
ඉන්දියාවේ කර්නාටක ප‍්‍රදේශයේ නීලමාලි නැමැති නෞකාපතියෙකු වූ දෙවොල් දෙවියො මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදි කුනාටුවකට හසුව ලක්දිවට ගොඩබසින්නට උත්සහ කළහ. එවිට පත්තිනි දෙවියෝ ගිනිජල් හතක් මවා දෙවොල් දෙවියන් වැළැක්වීමට උත්සාහ කළද රෝගපීඩා නැති කරීමේ වරය අඩ සිනිගමදී ගොඩබැසීමට ඉඩදුන් බවත් සඳහන්ය. දෙවොල් නැටීමේදී දෙවොල් උපත, ලක්දිවට ගොඩ බැසීම කවිි කියා රග දක්වයි. දෙවොල් පද හතකි. දෙවොල් දෙවිලක්දිවටගොඩ බැස්සේ තවත් පිරිවර හත් කට්ටුවක් සමගිනි.
ඉරුදින ඉරුරැස් සාමිඋපන්නේ
සඳුදින සඳ රැස් සාමිඋපන්නේ
කුජ දින තෙදරැස් සාමිඋපන්නේ
බුද දින බුදු රැස් සාමිඋපන්නේ
ගුරු දින ගිනි රැස්සාම්උපන්නේ
කිවි දින ඒ මහ සාමිඋපන්නේ
කුඩා සාමි සඳු දිනේඋපන්නේ
සත් දෙන කුමරුන් මෙසේඋපන්නේ
මෙකප පළමුව පහළ අපෙ මුනි රැකි දහම් සිල් ලොව්තුරා
එකළ දඹදිව කුමරුන් සත් දෙන විය සිටු පිළිසිදවරා
පිනට තම සිත නැමි මුනිදුට දෙමින් කටිනය එමවරා
පතා දෙව් වෙමි සිතා කටිනය දෙවොල් දෙවි පුදකළවරා
දෙවොල් දෙවියන් යාපා පටුන, ලණුමෝදර, රීරිගල, ගිංතොට, බෙල්ලන් මොදර, සෙල්ලන්¥ව ගෝණගමුව, හම්බන්තොට, පානදුර ආදී ස්ථානයන්ට ගොඩ බැසීමට තැත් කළත් මුරකා්වලූන් අවසර නොදිම නිසා සීනිගමට ගොඩබැස ඇත.

දෙවොල් භාගෙ කවි
සත් පත්තිනි දෙවිවන්තී
රන් රිදියෙන් ගෙනයදිතී
සත් පත්තිනි වරම්දෙති
යැදපු දෙවෙල් අදින්නැතී
ඉගුරු මිරිස් අබසමගින
ලූනුද පස් කුලූ බඩුගෙන
පස්ලෝ කටු ගෙනසමගින
යැදපු දෙවොල් දොසමෙසියන
අද ගොලූ බිහිරන්අරවා
ජඩ පෙළ කැසි මුසුඅරවා
සැමදෙවි ආතුරගලවා
සෙත් සිරි දිආවඩවා
ආයුත්වඩාලා
කොතලෙන් පැන්වඩාලා
කළසෙත්මුදලා
මෙකළ කාරියආවඩාලා
අදිති පිළි සැට්ටත් සොදතොප්පිද
ගනිති අතට සිරියල් හාමුගුරුද
බලති යකුන් දුටු තැන බැට දෙතිතද
තෙදැති දෙවොල් දෙවි සෙතදෙන් ලැබපුද
කපුරු කස්තුරි සදුන් උරලෑ මුවද පිනිදිය කුප්පිපුරවා
අකුරු ලිත්කවි සින්දු වණ පොත් නිමිති වෙද පොත්දලියවා
මතුරු මනිත‍්‍රාද දැප කර නැකත් ගිනි චක‍්‍රමයකරවා
යතුරු පන්හිත් මූනද දැල් කටු ලියන පොත් පෙට්ටිපුරවා
නොයෙක් රත්නිල් පබලූ මනරන් මුතු මැනික් වයිරෝඩිගත්
රිදී ද රත‍්‍රන් සලූද ඊසල් වරාගන් තඹ කාඩිපෙට්ටිත්
තඹත් ලෝකඩ දේද පිත්තල යකඩ වානේ ලොහොකඩාගත්
ගෙනත් නැව් ගෝරමුත් ඊයම් තට්ටු ඇද නැව් හතේපුරවන්
තොප්පිකර උරබාහු කාගුල් ඔටුනු දුන හැද දෙවරබන්දිද
නෙත්ති රත‍්‍රන් මාලපටියද දවුල්ගස් කරමාලපටියද
සැට්ට කම්බිලි සහ මුරි වන්නද සේල බුබුලූපටියද
ගත්තු පා මුදු වළලූ රසුනඳ ගිගිර සිව්සැට බරණසමගද
උඩැක්කිත් බෙර රබන් මද්දිලි දවුල් තම්මැට්ටමදවීනා
හඬත් නද තම්බෝරු සක්ගෙඩි පුරන් පේත්තුද කොම්බුහොරණෑ
කුඩත් කොඩි කුඹ දෝලි කූනන් චාමරද සේසත්දරැගෙනා
කොඩිත් රෙදි නැව් හතට වෙන්කර පංචතූරිය නාදදෙමිනා
කරක්කච්චිද සේල කම්බිලියෙන් තුන් විල්ලෝඩිගනිමින්
කුලච්චිත් සොද කසා කච්චිද කාල්ලන් පට සේලහරියන්
තඩුප්පුත් සොඳ සීන් කම්බිලි රත්නවල්ලිද කොකිලපට්ටන්
ඉරට්ටුත් පොත් හරිද අබරණ වල්ලිද මුතු දැඩි රැළිදතොක්කන්
රත්න කම්බිලි සේල ඔලියල් පාරු සේලද කිවිසිවිලඹුන්
මුත්තු වරියං සේල ගුජ්ජරියනුත් රතු සේරාඩිකලඹුන්
පච්ච වඩමත් කුලූද නිල්වන් සුදු කවද නිල් පිලීලෙන්යුත්
කච්චි මුරිවත් කඳන් කම්බා ඉද්දමල් මුතු වඩිගකායත්
පට්ට පට්මල් තොප්පි උඩ උරමාල සහ පරමදාසැට්ටද
කට්ටු සුරුට්ටුද අමු වඩිගද සැට්ට රතු පගලත්තුතොප්පිද
සැට්ට සන්තන් ඔවක් පටිසත නාගපසලන සම්සෙරෙප්පුද
කට්ටු බැද නැව් පොට්ටි පුරවා ලක්ෂ ගණනක් පැටෙව්නිවරද
දෙවොල් දෙවි ලංකාවට ගොඩ බැසිමෙදි බාධාකළ දෙවිවරු ගැනද කවි ගී ගයයි
සමන්ත කූට පර්වතයක සාසන බාරවසිටිනෙක
සවන් පුරා අසන බණත රකින සීලෙ සිල්මහිමෙක
අතින් දරණ පත් කඩයක නා ගණවැල නිතරඅතක
සමන් දෙවිදු යන උතුමෙක දෙවොල් යකුටබලපෑවෙක
ජලෙන් උපන් ජල කුමරක නාථ දෙවියො යනසුරිඳෙක
ඈත සිටන් එනවා දැක දෙවොල් කුමරු ඒ ගල්නැවක
බිත තොටින් ආ උන්දැක යාපා පටුනේ තොටරැක
නාථ දෙවියො යන උතුමෙක දෙවොල් යකුටබලපෑවෙක
අයිල දෙකේ ආ මුණ රැක නැවතුනු හිමිඅයියනායක
වෛර බදින හිත තදයක දහිරිය ගැන නොමැතිසෝක
ලෙයිද ඇගේ මල් වැල් දැක උනුව ගියේ ඇටගතනෙක
අයියනායක දෙවි උතුමෙක දෙවොල් යකුටබලපෑවෙක
ඇද්ද මෙහෙම බල මහ්ිමෙක ගොසින් ඉපිද අඹ සුද්ද ඇතිවඋයනක
පඬිරජු දැක එරන් අඹය විදපුහනික
විද්ද සැනින නැටි කැපුනෙක කිරිවැටිලා නෙතමැකුනෙක
සිද්ද පතිනි තෙද උත-මෙක දෙවොල් යකුටබලපෑවෙක
දෙවොල් නැටීමෙදී දෙවොල් දෙවියන්ට ලක්දිවට එන්නට සිදවූ කරුණුත් සිදුවූ බාධාත් දක්වනලද ප‍්‍රාතිහාර්යයන් පිළිබදවත් දෙවොල් කවිවලින් ගයවින් කටයි.
දෙවි සත්දෙනගේ--
උපතක් කියමිලාගෙ
දුක් නිවනයාගේ
කියමි මේ කවි දෙවොල්බාගේ
මුහුදු මනිමේකලා
දෙවි වූ දිවැස්දැකලා
ගල් පහුරමවලා
දුන්නු මෙරට එන්නනොබලා
තෙද දෙවොල්යක්කූ
බහිරව පිල්ලියක්කූ
ගිනි මදනයක්කූ
එන්න මෙකරට දෙවොල්යක්කූ
ඈත සිටන් ගොඩබැස එන්ඩසපිරියේ
වැදී කුමක සේ එනවාටඅපිරියේ
නොදැන එන්ඩ ඇරියොත් වැරදිකාරියේ
එදැක සමන් දෙවි ගොඩ එන්ඩහැරියේ
කොතෙක් මෙතර දිය වටකරවළල්ලේ
දෙකක් පසුව ගිය තොටමුණඇසිල්ලේ
තොටක් තවත් දුටුවොත් සිතලවුල්ලේ
තොටක් දැකපු ගොස් දෙවිනුවරවැල්ලේ
එතෙර සිට ඇවිත් උන් කරපුකාරියේ
මෙතෙර ගොඩ එන්ඩ උන් කරනවීරියේ
නොතිර නම් කළායින් වැරැදිකාරියේ
කතරගම දෙවිදු ගොඩ එන්ඩනෑරියේ
නොදැක කෙලින ගග දියමෙන් සිසිල් උදාරයෙන් පැන ගිනිවී
මැදට සැක නොවී
අදහ සිතින් ලත් අණසකය බොහෝවී
එදා පතිනි නම තැබුවට දෙවොල් දෙවී

දෙවොල් කඩවත ඇල්ලීම
දෙවොල් නැටුමේදී දෙවොල් දෙවියන්ට ඒමට බාධාවන ලෙස සුදු රෙද්දක් කඹයක් සේ අඹරවා අල්ලයි. නැයටුම් ශිල්පීන් දෙමළෙන් සහ දෙමළ අයෙක් වෑයමෙන් සිංහල කතා කරන්නා සේ ගුරුන් සමග සංවාදයේ යෙදේ. විහිළු තහලු පද වරද්දා කීම ආදියෙන් පේ‍්‍රක්ෂකයා ආශ්වාදයට පත්වෙයි.
දොළසක් දෙවි ගොඩ බැස මෙලකට පිරිවර සමගඑදා
බලයක් පෑ තතිනි දෙවිදුගෙන් වරමුත් ලැබඑමදා
කෙළියක් ගිනි කෙලිනා ලෙස ගිනිමැලයේ දුවතිඑදා
හිලියක් වුණි මෙමුළු ලකට දෙවොල් සුරිදු වැඩියඑදා
තෙද වර පාමින් වර ලැබ පතිනි දෙවිදුගෙන් ලක සොද ලෙසවට
කෙළි පුද ලබවින් වැජඹෙන තම යසපලකොට
අද වැඩියොත් දෙවොල බාගයේ බණ්ඩර දෙවිපේනට
සිද බිද වෙයි සෑම සතගෙ උවදුරු දොස් මුලූපූට
ලිහිල් නොකර මිනි අබරණ පැළද සුවදසමගින්නේ
විදුලි කළඹ මෙන් දිලිසෙන රන් ආවුදගෙනතින්නේ
දෙවොල් බාගයේ බණ්ඩර දෙවි පේනටවඩිමින්නේ
සියල් සතගෙ උවදුරු ගිය රිවි දුටු පිනි බිඳුවැන්නේ
සිනිගමදැකලා
ගමරට මැදටවැඩලා
තෙද බලය,පාලා
දෙන්ඩ කෝවිල කරවදාලා
සීනිගමමැතිදුට
දමා ගිනි ජල් ලෙඩකොට
කර කෝවිලක්වට
දුනොත් ලෙඩ හොඳ කරමිහනිකට
තේජස්වදාලේ
තුන්තානි ගෙනදෙවෙලේ
සුප් කප්දැලේ
කරපු දෙවිදුට ඒදේවාලේ
කරපුදේවාලෙට
වැඩලා දෙවිඳුඑතනට
ලොව හැමදනන්හට
දමා ගිතන් ගතිතදකොට
තෙද බලයපෑවේ
අණසක දිව්වේවූවේ
හැම දොස්මිදුවේ
බලය පෑ දෙවි කෙහෙල්ගමුවේ
සෙනගක්සමෝගේ
කියන ගින්දරරාගේ
එන නැව මේකාගේ
කියන් එන නැව දෙවොල්බාගේ
ඉස මුවසෝදමින්
පිරිසුදු වතක්අදිමින්
ගසා දුම්මලසුවදින්
ගොසින් විල ළග ගසක්සොයමින්
මිල්ලයක්දැකලා
ගස පිසදමලා
අගුරු දුම්මලදීලා
එත්ලූ මිල්ලයසොයාලා
භගිනි කියන දෙමළභාෂාවට
දෙගිනි සාව ඇවිලෙති ගිනිමැලයට
මෙගිනි පාගමින් මැල්නටන්නට
එගිනි කුරුම්බර වඩිනේපේනට
සිද්ද පත්තිනි දෙවි වරම්දෙන්නේ
ලද්ද වරම් තුන් ලොවවිහිදෙන්නේ
සුද්ද වංස ඇති දෙවොල්යකුන්නේ
සද්දවසක් ඇදුරා පේවෙන්නේ
දහ අට බාසයයි කියතිමෙසේයා
ලූහු බැද ගිනි පිට නටතිමෙසේයා
ලූහුබැද යක් සෙන් දුවපුමෙසේයා
බිය වැද යක් සෙන් දුවපුරැසේයා
තිර හතරක් බිදිමින්නොලසේයා
සරසා වටතිර බදිතිමෙසේයා
බිමට එපියවිලි එලූපියසේයා
ගොසින් එගිනි කඳ සුන්කරනේයා
පිස්ලි වෙලා පනිමින් ගිනිමැලයට
දස්ස වෙලා වඩිනේ අදපේනට
මෙගිනි පාගවින් මැලේනටන්නට
විස්තර පේනක් කියන්නහනිකට
හත් දවසක් ආයුද ගෙනසුරතට
එක් දවසක පිරිවර ගනනින්වට
දස දහනක් ගිනි රැස්විහිදෙන්නට
සත් දවසක් යැද තිබුනොත්දෙවිඳුට
දහස් ගණන් ගිනි පුපුරුමෙසේයා
දහස කෙළින තරු රැස්ලෙසිනේයා
රෝස් වෙලා යැද තිබුනුදොසේයා
දෝස මුදන්නට නටතිමැලේයා
සත් පත්තිනි මැඩමවන්නට
සළඹ හතක් අතටගන්ඩ
හැදපු දෙවොල්සන්හිඳෙන්ට
දිව සළුවෙන්ආවඩන්ඩ
ගිනි පෑගීම
සිද්ද පතිනි දෙවි නෙතටපෙනෙන්නේ
සැදි සීනිගම තොට දැකඑන්නේ
සිද්ද පතිනි ගිනි වැටක්මවන්නේ
වැද්ද නොදී ගිනිකඳුපාගන්නේ
රුසිරු නවදෙන විමනවඩිනවා
හතර ටෙට් දෙවි දිවැස්බලනවා
ගිගිරි සළඹ දෙවොල් දෙවිඳුදරනවා
දෙවොල් දෙවඳු ගිනි කෙළියටඑනවා
අග්නි දිගට වැදලා රඹතොරණයි
රතුපිට පිළියෙන් බැදි උඩුවියනයි
රිදියෙන් රත්තරනෙන් රඹතොරණයි
දෙවොල් දෙවිදු ගිනි කෙළියටවැඩියයි
දොළහ පෙලපාලිය
පසුදා උදේ දෙවොල් නැටීමෙන් අනතුරුව දොළහ පෙනපාලිය නටයි.
දොළහ දෙවියන්ගේ සිත් සතුටුකර ඔවුන්ගේ ආශිර්වාද ලබා ආතුර පිරිසට සෙත් කිරිම දොළහ පෙළපාලියේදී සිදුකෙරෙයි.
දුම්මල, කහදියර කොතලය, මොට්ටැක්පිලිය, කුඩය, කොඩිය, සේසත, ඇතා, දවුල, තම්මැට්ටම , කොම්බුව, නලාව, යන භාණ්ඩ දොළහ පෙළපාලියේදී භාවිතා කරයි,

ඇත්බන්ධනය
මෙහිදී ඇතේක ීමීමෙක් ආදී සතුන් අල්වා දෙවියන්ට පූජා කිර්ම නාත්‍යානුසාරයෙන් රග දක්වයි.
නැතත් බලැති දොළසත් දෙවියන්නමට
කොතේක් පාලි කෙරුවත් නැත සිතසතුට
මෙතෙක් කර දොළස ආතුරරැකීමට
ඇතෙක් සොයා බැදලා දෙමිපඬුරකට
බලා පුත්තලම් මඩකලපවහිමයේ
බලා ඇවිද වැදි හත්කට්වහිමයේ
මුලා නොවී තුන් සිටිනාකලහිමයේ
එදා බැඳ දුන්න දෙවිහටඇතායේ
වදුරා
නැතත් හිම වතේ අතු අග දළුකන්නා
පුතේක් බඩ යටින් එල්ලා ගෙනඑන්නා
මදක් රැවුල ඔරවා බිරු සන්දුන්නා
ඇතෙක් දුටිමි ගහනින් ගහකටපැන්නා
මුවා
අං දෙක බරු ලෙසට පිට දඅගවිහිදෙච්චී
කං දෙක බට දළුව විලසටබේරිච්චී
තැන් තැන්වල හමේ සුදු ලපඉහිරෙච්චී
ගම්බිර හොද ඇතේක් අද මටහමුවෙච්චී
ඉබ්බා
තැනත් හිම වතේ තැන් තැන්වලහිටියා
එතෙක් කර කියමි දුටුවේ නැතිසැටියා
කොතෙක් වත් මහත නැත ලා සක්කැටියා
ඇතෙක් දුටුමි ඒ දණ්ඩක් උඩසිටියා
ලේනා
ටිං ටිං ගගා කිතරම රැුව් දීසිටියා
රන්වන් ඉරි තුනක් පිට දිග ඇතිසැටියා
යම් තම් හඬක් නැගුනොත් ගහ උඩසිටියා
මන් අද ඇතෙක් දුටුවා වැට ළගසිටියා
ඇතා
කෙසෙල් කඳන් සේමයි දළඇතාගේ
වට්ටි කුළු වගොයි කන්දෙකඇතාගේ
බැවිල මල් වගෙයි ගෝමරඇතාගේ
බඳන්න බැරි කිම සාමිනිඇතාගේ
ගරා වෙස් පෑම
ඇස්වහ, කටවහ, හෝවහ ආදී කසල දොස් දුරු කිරිම ගරාවෙස් පෑමෙන් අපේක්ෂා කෙරේ. වචන මාරුකර කිවිම දෙපිට නැපෙන වචන මෙන්ම අසභ්‍ය වචනද කරා යකා සහ ගුරුන් අතර හුවමාරු කරගනී.
විලක්කු සිටුවීම
ගරා වෙස් පෑමෙන් අනතුරුව විලක්කු දල්වා ආතුරයින්ට සෙත් පතා වස් දොස්පහ කරයි.(හීන් පන්දම් විශේෂය විලක්කු නම් වෙයි)
අවුලාවිලක්කු
වැන්දෝ දනෝඑක්කූ
දෙව් දොළහඑක්කූ
මෙයින් ගන්නේ ඒවිලක්ක
පැලේ උඩට ගොස් උරගුන්වැටුනද
රැලේ වෙලා කිකිළියහැඩලූවද
කුලේ වැදූ ඇතු සැවොම මැරෙව්කවුද
බලේ ඇතිව ඉන්දොස යයි මුල්සිද
මූදු රෙළ බෝ පඩිගේවැසුවා
ගම් බම් වාදය වීදිවිරුවා
දොළහ දෙවිදු හට දොස්කරවූවා
ඉන් ආ වස් දොස් අද දුරුවූවා
ඇල්ලේ මාවත බිම ඉරිඇන්දා
මලලේ ලා උරගුන්බැන්දා
තෙල්මේ මිහිකතඅනුහසයෙන්දා
ඇල්මේ ජලමෙන් දොස ගියේබින්දා
පානේ රැල් ගඩපිඹලානිව්වා
යානේ පැදුරට නොකියාආවා
මානේපොළටය දොස්කරකීවා
මෙතැනේ උවදුරු අද දුරුවේවා
මේ ආදී වශයෙන් සෙත් ශාන්තතිකර දලුමුර(බුලත්) පූජාකර දේව දානය දී දෙවොල් මඩුවේ කටයුතු නිමාවේ

  ආඬිගල රජමහා විහාරය


අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.
මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.
ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.
ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්,  මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.
විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු.
ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය.
ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය.
මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.
පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය.
විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ.


Sunday, February 15, 2026

 පුරාණ හත්ථිකුච්චි විහාරය

 


කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසගබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසුවී පිටත්ව අනුරාධපුරයේ ඉස්සරමණ විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාතී‍්‍ර එළඹෙද්දී පැමිණි ස්ථානයක භාවනානුයෝගීව සිටි බව වංශකථාවන්හි දැක්වේ. මෙම විහාර සංකීර්ණය හමුවන්නේ අනුරාධපුර නගරයේ සිට දකුණු දෙසට වන්නට දැනට සැතපුම් 13 ක් ඈතිනි. එය සිරිසගබෝ රජුට වරුවකින් පමණ ලගාවිය හැකි ස්ථානයකි.
ඉන් කාලයකට පසු අනුරාධපුරයෙන් බත්මුලක් අතැතිව පිටත්වූ දුගියකු එක් වරුවක ගමනකින් පසු පර්වත මුදුනකට පැමිණ ආහාර ගන්නට සූදානම් වන මොහොතේ තාපසයකු භාවනාවේ නිරතවනු දැක තම බත්පතෙන් කොටසක් පූජා කැර ඇත. ඒ තාපසයා අනුරාධපුරයේ තොරතුරු විචාල මොහොතේ ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන්නකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර යැවූ බවත් ඒ නිසා මිනිසුන් හිස් ගෙන ඒමට පටන් ගැනීම නිසා මහා මිනිස් ඝාතනයක් වන බවත් පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව මේ මිනිස් ඝාතනය ගැන ශෝකය උපදවාගත් භාවනානුයෝගීව සිටි සිරිසගබෝ රජු මා නිසා මිනිසුන් මිය යාම වැළැක්විය යුතුයැයි ඉටාගෙන තම හිස සිඳ දුගියා අත තබා මෙය ගෙනගොස් රජුට පෙන්වා කහවණු දහස ගනු යැයි කී බව ද අප වංශකථාවන්හි දැක්වේ.
දුගියා හිස ගෙනවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටවූ බවද සඳහන් වේ. ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද කරවූ බව දැක්වේ. ඉන්පසු රාජ්‍ය අනුග‍්‍රහයෙන් අසීමිත දියුණුවක් ලැබූ හත්ථිකුච්චි විහාර භූමියෙහි නටඹුන් රැසක් දක්නට ඇත.
දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.
තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ.
''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් පිහිටා ඇත. මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ හිසදන් දුන් සිරිසගබෝ රජතුමා මිහිදන් කළ ස්ථානය එය විය යුතු බවයි.
ඒ අසළ ඇති කඳු ගැටය මත දී හිස දන් දුන්නානම් රජුගේ සිරුර එතැනට වැටීමට ඉඩ ඇත. රජු හිස දන් දුන් ස්ථානයේ ඉරහඳ නොදුටු පොකුණක් වූ බවද ඒ කථාවන්හි සඳහන්වේ. හත්ථිකුච්චි විහාර සංකීර්ණයේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයයැයි සැළකෙන ස්ථානයේ ද එවැනිම වූ ස්වභාවික පොකුණක් පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යය පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත.එම පොකුණ පිහිටි ස්ථානයේ ඇති කුඩා ලෙනෙහි සිටි මිනිසකු බිමට වැටුණහොත් පතිත වන්නේ බෝධිඝරය පිහිටා ඇති ස්ථානයට බවද පැහැදිලි කරුණකි

Friday, February 13, 2026

 අනුරධපුර සමධි පිලිමය.


ලොව හොඳම හිඳි පිළිමය ලෙස සලකෙන අනුරධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි සමධි බුදු පිළිම වහන්සේ ක්‍රි.ව. 4-5 සියවස් වලදී කරවූ එනම් අනුරධපුර යුගයට අයත් නිර්මාණයක් ලෙස සලකේ. කළුගල් මාධ්‍යයෙන් පූර්ණ උන්නතව නෙලා ඇති මෙම පිළිම වහන්සේ කෙරෙන් වීරාසන ක්‍රමය හා ධ්‍යාන මුද්‍රාව නිරූපිත වේ. බුදුරජුන්ගේ අසමාන පෞරුෂයආධ්‍යාත්මික අති මානුෂික ලක්ෂණමුදු මොළොක්සෘජු ජීවී බව මෙම පිළිමයෙන් පිලිබිඹු වන බව මෙම පිළිමය පිලිබඳ අධ්‍යයනය කරන උගතුන්ගේ මතයයි.

ඇඟට ඇලුනු සිවුරඑක් රැල්ලකින් පමණක් දැක්වීම ශිල්පියා තුල වූ නිර්මාණශීලී කුසලතවය කියපායි. පිරුණු රවුම් ශාන්ත මුහුණින් මහා කරුණාව ප්‍රකශ වේ. සිරස් පත යන්තම් දැක්වෙන ආකාරයට නෙලා ඇත. කෙස්ගස් ගොළුබෙල්ලෙකුගේ හැඩය ගත් රැලි ගසුණු ආකරයක් ගන්වා නෙලා ඇත. ලම්භකර්ණ වූ සවන් පත්අඩවන් දෙනෙත්සෘජු නාසයතොල් සඟල අතර යාන්තමින් පොපියන සිනහව ඇති ආකරයට නෙළා ඇති නිසා සම්පූර්ණ පිළිමයටම ශාන්ත බවක් එක්වෙයි. බෙල්ල මුල ඇති රැල්ල නිසා මේ පිළිමය ගුප්ත කලා සම්ප්‍රධායට අයත් නිර්මණශීලී ගුණයක් පෙන්නුම් කරයි.

අඩි 7 අඟල් 9ක් පමණ උස මේ පිළිමයේ ප්‍රහා මලාවක් හෝ රැස් මාලාවක් නැති අතරමෙය සිංහල ස්වාධීන කලාශිල්පියෙකුගේ නිර්මණයක් යැයි මර්ටින් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු වූ ශ්‍රී ජවහර්ලාල් නෙරු තුමා බ්‍රිතාන්‍යයන් යටතේ 1940 දී සිරභාරයට පත්ව සිටියදී මෙම පිළිමයේ ඡායාරූපයක් දැක පවසා ඇත්තේ එම ඡායාරූපය දකීමෙන් තමට අස්වැසුමක් හා ශක්තියක් ඒ තුලින් ලැබුණු බවයි.
අනුරධපුර සමධි පිලිමය මෙය ඉතාමත් පුරාන පිලිමයක් වන අතර බුදුන් වහන්සේගේ සමධි ඉරියව්ව පෙන්නුම් කරන ප්‍රථම නිර්මණයයි. මෙය තෙවන ශත වර්ශයේ  පමණ ඉදි වුවක්.

සාමාන්‍යයෙන් සමාධි බුදු පිළිමය ලෙස ශ්‍රී ලංකාවේදී හඳුන්වන්නේ අනුරාධපුර පුරාණ නගරයේ ඇති සමාධි මුද්‍රාවේ බුද්ධ ප්‍රතිමාවකි. එය ප්‍රතිමා කලාවෙහි විශිෂ්ට නිර්මාණයන්ගෙන් එකක් යයි කියනු ලැබේ. එය අඩි 7 අඟල් 3 ක් උසය. හුණු ගලෙන් නෙළා ඇත.

මුද්‍රාව

සමාධි මුද්‍රාවේ බුද්ධ ප්‍රතිමාවකි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක.

ඉතිහාසය

 අභයගිරි විහාරයට අයත් කපාරමූලයෙහි වූ බෝධිඝරයක පිහිටුවා ඇත. මෙය එහිවූ බෝධිඝරයේ සතර දිශාවට වූ පිලිම 4න් එකකක් ලෙස සැලකේ.

වැරදි මත

ජනප්‍රිය ගීත කිහිපයක මෙම පිලිමය මහමෙව්නා උයනේ පිහිටා ඇතැයි සඳහන්ය. නමුත් එය ගීත රචනයේ දෝශයකි. සැබැවින්ම මෙය මහමෙව්නා උයනට පිටින් පිහිටා ඇත.

Friday, February 6, 2026

 තිස්සමහාරාමයේ  සඳගිරිසෑය


ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.
අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ සතූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව දැන් මෙවැනි කාර්යයන් සිදු කරන අතර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ කාර්යයන් සිදු කෙරීගෙන යයි. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය.  1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය.
දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය.
මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි.
2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සැපයූවේය.
දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය.
එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.
ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල - රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.
ක‍්‍රි.පූ. 200ට අයත් යැයි  සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි.
ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.
එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.
මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි.
සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා  ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත.
සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක්  දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත.

Wednesday, February 4, 2026

 දඹුල්ල

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිරුව

රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ .
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ‍්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිලා ලේඛණ වලින් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන්වේ.
ඓතිහාසික සාධක අනුව මෙම සුවිසල් ලෙන් ප‍්‍රතිසංස්කරණය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු (කි‍්‍රස්තු වර්ෂ 1198 - 1206) පිළිමවල රන් ආලේප කැර ඇත. ඒ නිසාම දඹුල්ල ලෙස හැඳින්වීමට පටන්ගත් බව පුරාවෘත්ත වල දැක්වේ. මහනුවර රජ පැමිණි සෙනරත් රජු (කි‍්‍රස්තු වර්ෂ 1604 - 1633)  සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු (කි‍්‍රස්තු වර්ෂ 1746 -1778) මෙම විහාර සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කැර තිබේ.
විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි. එමෙන්ම ශිලාමය, දැවමය, මෙන්ම මැටියෙන් හා බදාම මිශ‍්‍රණයකින් තනන ලද පිළිම රැසක් ද දැකිය හැකිය. 

සෙල්ලිපියක්

මෙම විහාරයට ඇතුළුවන විට හමුවන ප‍්‍රථම ගුහාව හඳුන්වන්නේ දේවදාර විහාරය නමිනි. එය ඇතුලත මීටර14 ක් දිගින් යුතු විශාල ශෛලමය සැතපෙන පිළිමයකි. ඒ අසල ඇති ආනන්ද හිමියන්ගේ යැයි සැළකෙන පිළමය හා විෂ්ණු දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ යැයි සැළකෙන පිළිමද විශිෂ්ට නිර්මාණයෝය.
විහාර සංකීර්ණයේ දෙවැනි ගුහාව විශාලතම ලෙනයි. එය මහාරාජා විහාරය ලෙස හැඳින්වේ. එහි හිටි පිළිම 16 ක් සහ හිදි පිළිම 40 ක් නිර්මාණය කැර තිබේ. ඒ සමග විෂ්ණු හා සුමන සමන් දේව පිළිම ද නිර්මාණය කැර ඇති අතර මධ්‍යයේ කුඩා දාගැබක් තිබේ. මෙයට අමතරව ගල් පර්වතයෙන් වෑස්සෙන කුඩා දිය බිඳුවක් වැටෙන්නට තැබූ විශාල පාත්තරයකි. එම ජල බිංදුව කිසිදු නියගයකදී නොසිදෙන බව ද පැවැසේ

 ශ්‍රී වික්‍රම රාජසිංහ ප්‍රතිමාව 


         එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක්ද ඇත. මුළු පර්වත බිත්තියේ සහ පර්වත මහලේ විවිධාකාර සිතුවම් වලින් පිරී ඇති අතර එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවම ඒ අතරින් සුවිශේෂී වේ. ආගමික නොවන සිදුවීමකට අදාල සිතුවම් විහාර මන්දිර වල දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙන් බැවින් පර්යේෂකයෝ මෙම සිතුවම ගැන වැඩි අවධානයක් යොමු කරති.
රන්ගිරි දඹුලූ විහාරයේ තුන්වැනි ගුහාව අලූත් විහාරය නමින් හැඳින්වේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ අදින ලදැයි පැවැසෙන චිත‍්‍ර රැසක් දැකිය හැකියි. මෙම ගුහාවේ ප‍්‍රධාන පිළිමයට අමතරව තවත් කුඩා පිළිම 50 කි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිළිරුවක්ද එහි තනා තිබේ. හතරවැනි සහ පස්වැනි ගුහා ඉතා කුඩා වුවද පිළිම සහිත ඒ ගුහා දෙකද සිතුවමින් අලංකාර කැර ඇත.
විශාල ප‍්‍රමාණයේ හිඳි පිළිමයක් පැරණි ලෙන් විහාර සංකීර්ණයට ඉදිරියෙන් ඉදිකර තිබේ.
දඹුලූ පර්වතය සොබාදහමෙ මහගු නිර්මාණයකි සීගිරිය හා රිටිගල ඇතුළුව තෙරක් නොපෙනන මහා තැනිතලාව දඹුලූ ගලට දර්ශනය වන සොඳුරු දසුන් සමූහයයි.
                                                                                                 

  කලා වැව කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව ...