සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි.
අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි.
ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම ගොවියා වාර්ෂිකව සිදුකරන කාර්යයකි.
එක් ගමෙක පමණක් නොව ගම් හතක පමණ පිරිසක් එකතුවන ගම්මඩු ශාන්තිකර්මය විවිධ හේතූ නිසා ක‍්‍රමයෙන් අපගෙන් ඈත්වී අභාවයට යමින් පවතී. පාරම්පරිකව හා විවිධ ගුරුගෝල සම්බන්ධතා මත පැවතෙමින් ආ මේ මහා ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය පරම්පරාව කෙළවර වීමත්, නාගරීකරණයත්, කුල බලපැමත්, ආර්ථික ව්‍යුහයේ වෙනස්වීමත්, රැුකියා සඳහා ගමෙන් පිටවීමත්, විදේශගතවීමත්, ගුරුමුෂ්ටි තබා ගැනිමත් වැනි හේතූ නිසා ද රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය වැනි නවීන රසවින්දනාත්මක මෙවලම් නිසා ද තර්ජනයට ලක් වී ඇත. ගම්මඩුවේදී පත්තිනි දේවිය, දෙවොල් දෙවි ප‍්‍රධාන සතරවරම් දෙවියන් ප‍්‍රාදේශීයව වෙනස්වුවත් සමන්දෙවි
නාථදෙවි විෂ්ණු දෙවි කතරගම දෙවි විභීෂණ දෙවියන්ගෙන් සතර දෙනෙක් පුද ලබති.
දෙවොල් මඩුවේදී අනුගමනය කරන පුජා රටා ස්තී‍්‍ර පුරුෂයන් අතර ප‍්‍රජනන ක‍්‍රියාවලිය උත්තේජනය කිරීමේ සියුම් පණිවුඩයක් ද දෙයිග පරපුර පවත්වාගෙන යෑමෙන් පොළොවේ සශ්‍රීකත්වය වර්ධනය වෙතියි යන විශ්වාසය මෙම ශාන්ති කර්මයට ද පසුබිම් වී ඇතැයි පැරැණියෝ කියති
ගම් මඩුවක ප‍්‍රධානයා කපුපත්තිනි, පත්තිනිහාමි පත්තිනි මහත්මයා, කපුරාල නොහොත් කපු මහත්මයාය. මඩු ශාන්ති කර්මයට එක්වන ඇදුරන් නිති තිසරණ පන්සිල් රකින නුවණැති, ශාස්ත‍්‍ර මනාකොට උගත් අය විය යුතුය. මහත් ඝෝෂා හඬින් කතාකරන ශබ්ද නගා අඩි තබමින් වටපිට බලමින් ගමන් කරන වැඩි උස් හෝ මිටි නොවන තළෙලූ පැහැපත් පී‍්‍රති ජනක කතා ඇති ඇදුරන්ම යෝග්‍ය යැයි දක්වයි. හිසකෙස් වඩා බොකුටුව දත් බොල්ලෑ දෑසින් කබ කඳුළු ගලන ඇඟ, කොරළ ඇති, වපර ඇස් ඇති, දත් අවලක්ෂණ ඇදුරන් යාගයට නොගතයුතු බව පැරැණි යාග කවිවලින් පැවැසෙයි. වාචාල බස් දොඩන, සුරාසොඬ, අවකල් කි‍්‍රයා ඇති ඇදුරන්ගෙන් ශන්තියක් නොලැබේ.
මඩුපුර යාග කවි
| උකුල් ඇටය නෙරවා පස්ස | දික් වන |
| කකුල් බකල වී තොල් කබර | සෑදෙමින |
| මයිල් නැතිව ඇඟ තැන තැන කැලල් | වන |
| කෝල් මුර යාගයට නොගනු මේ | දන | | |
සුභ වැඩක් ඇරැඹීමට ප‍්‍රථම කප් සිටුවීම පුරාණයේ සිට පැවතෙන සිංහලයාගේ චාරිත‍්‍රයකි. ගම්මඩුවක් නටන බව ඊට සතියකට හෝ දෙකකට කලින් කප් සිටුවා භාරහාර වෙති. කිරි සහිත රුකකින් හත් රියනක් උසට කපාගත් කණුවක් කපා ගනියි. කප සිටවූ දා සිට දින ගණන අනුව නවදා ගී මඩුව, හත්දා ගී මඩුව, පස්දා ගී මඩුව, තුන්දා ගී මඩුව වශයෙන් වෙයි.
රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි බමුණුකුලට මිණි තොරණින් හත්දවසක් යාග කළයි වෙළෙඳ කුලට පිළිතොරණින් පස් දවසක් යාග කළයි ගොවි කුළයට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි
උඩින් දෙපසට විහිදෙන සේ පල දෙකේ පියස්සකින් යුත් මඩුව (පොල් අතු සෙවිලි කළ) දිගින් රියන් හැටකි. පළලින් රියන් විස්සකි නැත්නම් තිහකි. මඩුව ඉදිරිපිට නැටුම් හා පුද චාරිත‍්‍ර ඉටුකිරීම සඳහා කොටසකි. මඩුවේ සිට මෙම කොටස වැටකින් වෙන්කරනුයේ් පිටත සිට නැරැඹිය හැකි ලෙසයි. මෙම වැට ද ගොක් කොළ වලින් සරසයි. මඩුවේ එක් පසෙක අලංකාර තොරණක් ඉදිකරයි. සෙසු පැති හා තොරණට මුහුණ ලා ඇති ඉදිරි මායිමේ මල් පැල පුද ලබන සෙසු දෙවියන් උදෙසාය.
තොරණ ගේ, පත්තනි තොරණ හෙවත් මකර තොරණ රඹ පතුරු සැරසිලි මොස්තරයෙන් මෙන්ම දේශීය මාලා කර්ම, ලතා කර්ම, රටාවන්ගෙන් ද අලංකෘත වෙයි. දිග හත් රියනක් විය යුතුයැයි සම්මතයෙකි.
තොරණ පුවක් පටි බැඳ, හබරලකොළ. කෙසෙල් කොළ, කෙසල් පතුරු, පොල් කොළ, ගොක් කොළ, ඉරටු, ඉඳිකටු (ඉඳිගසේ කටු) ආදියෙන් කෙරෙන සැරසිලිවල දී වල් බෙලි, වල්ල පට්ටා ආදි පට්ටා විශේෂයෙන් තොරණ නිමකර පලාපෙති, වඩිම්බු, ලියපත්, තිරිඟි තල හා ගල්බිංදුව වැනි කැටයම් මෝස්තරවලින් හැඩකරයි රජවරුන් දෙදෙනකුගේ රූප, ගජබා රජු හා කේරළයේ සේරමාන් පෙරුමාල් රජු දෙපස ද ගිරා, පරවි හා වටු රුප ද චිත‍්‍රනය කරයි.
| පොරණ පළමු නිරිඳුගෙ ලෙඩ හරින්න | ට |
| කරන යාග බමුනන් කැඳවමින් සි | ට |
| පුරණ පති දහම් පත්තිනි දෙවි නම | ට |
| තොරණ දැකපු බලයෙන් දොස ගියෙ දුර | ට |
| ගිරා පරවියො මයුරකෝකිල වටට සදමින් | ආසනේ |
| සරා රන්කොත් පිහිටුවාගෙන මුදුන මකරිඳු | වාහනේ |
| සරා සුදු උඩුවියන් බඳිමින් රඟට සිතුවම් | කරමිනේ |
| විරාජිත මේ තොරණ බලයෙන් සියළු විපරිත | හරිමිනේ |
පත්තිනි දෙවියන් ප‍්‍රමුඛ දෙවියන් වෙනුවෙන් කැප කරන පූජාවස්තුවක් වන තොරණ ආසන තුනකින් සමන්විත වෙයි. ප‍්‍රධාන ආසන පත්තිනි දේවියගේ පත්තිනි සළඹ අඹය දුන්න ආදී පූජා භාණ්ඩ තැන්පත් කිරීමටයි.
කේරළයේ වේරමාන්පූර්හි සේරමාන් පෙරුමාල් රජුගේ හිසරදයක් දුරලීමට ගම්මඩුව මුලින්ම පැවැත්වු බව ජනවහර ගෙන හැරපායි. එනමුත් දෙවොල් මඩු කවි වලදී මුල් ස්වරූපයට දේශීයත්වයක් කාවද්දා දේශීය රජකු හැටියට ද දක්වයි
| එකල් පෙර | දවසා |
| සේරමානන් රජුගේ | සිරසා |
| ගිනිජල් ගති | රොසා |
| එදා ගම්මඩු ගන්න | එනිසා |
විවිධ පෙදෙස්හි ගම්මඩුවෙහි සුළු වෙනස්කම් තිබුනත් පහතරට සබරගමුව හා උඩරට පෙදෙස්හි ගම්මඩුවේ බොහෝ වෙනස්කම් වෙයි. එනමුත් පත්තිනි භාගය වාහල භාගය හා දෙවොල් භාගය යනුවෙන් පත්තිනි දේවිය, දෙවොල් දෙවි, වාහල දෙවි වෙනුවෙන් කොටස් තුනකි.
පහතරට ගම්මඩුව මැල කැපීම, පහන් පූජාව කාල පන්දම් පිහිටැවීම, පිදේනි දීම, යහන් පිදීම, බිසෝකප සිටුවීම, තොරණ යාගය, පත්තිනි නැටුම, තෙල්මෙ නැටුම, වාහල නැටුම, අඹ විදමන, රාම මැරිල්ල හා මරා ඉපැද්දීම, දෙවොල් නැටීම හා මැල පෑගීම, කිරි ඉතිරවීම, ගරා නැටුම දෙවියන්ට පින්දීම හා දානය වශයෙන් පෙළ ගැස්වෙයි.
මඩු පේ කිරීම
දෙවොල් මඩු ශාන්ති කර්මය ආරම්භක දින මඩු පේ කරයි. පසු දිනයේ මඩුව නටයි. මඩුව පැවැත්වීම සඳහා කපු මහතා ගමේ සීමාවට පැමිණ සක් පිඹ තමන් පැමිණි බව දන්වයි. උඩුවියන් පාවඩ සහිතව දේවාභරණ රැගත් කපු මහතා ගැමියන් සමඟ ගම සතර කොනේ මල් යහන් වෙත බෙර හා තූර්ය වාදන සහිතව පේලි යයි. මල් යහන්වල පහන් දල්වා යාතිකා කර දෙවියන්ට පින්දී ගම්මඩු භූමියට එති.
තොටමෙට යාම හා ඔරුමාල බත් පූජාව
පසු දින නානුමුරය සඳහා කපු මහතා ඇතුළු ඇදුරෝ තොටමෙට යති. සන්ධ්‍යාවට පෙර ගංතොටත්, ඇළක්, දොළක් වෙත ගොස් දිවුල්, නුග, කලාඳුරු, නෙල්ලි ආදී කොළ යුෂ ද දෙහි, සඳුන්, කපුරු කහ මුසුකළ ජලයට බහා පිළියෙළ කළ නානුවලින් හිස් සෝදා නා පිරුවට ඇඳ යාගයට සූදානම් වෙති. ගම්මඩුවකදී නානුමුරයට පසුව ඔරුමාල බත පූජා කරයි. නොඉඳුල්ව පිසින ලද බතක් සමග හත් මාළුවක් නෑඹිලියක දමා ජලයට දමයි. තොටෙ දී ජලයට කරන පූජාව තොටමේ පූජාවයි.
| ලක්හිමි නැසු තරහළු කළ වාද යෙ | න |
| නෙත් මකවා පඩිපුර ගිනිලූ තෙදි | න |
| සිත් පහදවා තපසට වැඩි අනුහසි | න |
| සත් පත්තිනි දෙවි තොටඹෙට වරන් දෙ | න |
මිල්ල කැපීම
| කැලේ ගොසින් අමු මිල්ල කපන් | නේ |
| කැලේ වටට උඩු වියන් බඳින් | නේ |
| රැලේ පුළුන් ලෙස දුම විහිදෙන් | නේ |
| මැලේ ගසන්නයි දොවොල් යකුන් | නේ |
බොහෝ අවස්ථාවලදී මඩුවක් ඉදි කරන්නේ දෙවොලක් ආශි‍්‍රතවය. එහෙයින් මිල්ල ගසක් ඒ අසල නොතිබුනහොත් මිල්ල ගසක් සොයා දුර යාමට සිදුවන හෙයින් කලින් මිල්ල ගසක් කපා ගෙනවුත් දෙවොල අසල සිටුවා කහ දියර ඉස ගොක් රැුහැන් ඇද ශුද්ධ පවිත‍්‍රකොට තබති. කවි කියමින් බෙර වයමින් කුඩා පෙරහරකින් ගොස් කහ දියර ඉස භූමිය
ශුද්ධ ස්ථානයක් බවට පත්කර මැල කපයි. කැපූ මිල්ල ගස පසුදා ගිනි පෑගීම සඳහා පෙරහරින් ගෙනවුත් මඩුවේ ඉදිරිපස මහල් දෙවියන් පුද ලබන මල්පැල පිටුපස සිටුවා ඇති රුක් අත්තන ගසේ තැන්පත් කරයි.
හළං දෝවනය
අලුතෙන් ළිඳක් කපා උඩුවියන් පාවඩ ඇතිව එතනට පේලියෙන් ගොස් අලුතෙන් පැන් කලයක් පෙරා මඩුවට වඩමවාගෙනවුත් දේවාභරණ සෝදයි. එම හළං සේදූ ජලය ආතුර පිරිසට පානය කිරීමට හා මුහුණ අත් පා දෝවනය කිරීමට දීමෙන් සියළු රෝග උවදුරු නැතිවී ශක්තියක් ලැබෙන බව විශ්වාසයයි.
බිසෝකප සිටුවීම
කප යනු කණුව යන අර්ථය දෙයි. දෙවොල් මඩු හා ගම්මඩුවලදී පත්තිනි දේවියට බිසෝ යනුවෙන් ආමන්ත‍්‍රණය කරයි එහෙයින් පත්තිනි දේවිය වෙනුවෙන් සිටවූ කණුව බිසෝකප විය හැකි යැයි සිංහල විශ්ව කෝෂය දක්වයි. කප යනු කැප කිරීම යනුවෙන් ද අරුත් ගැන්වෙයි. ඉතා කොටට කැපූ බිසෝකප පත්තිනි තොරණ ආසන්නයේ සිටුවයි.
| මෙසේ බිම මැන | ගෙන |
| දෙපසේ ඇදුරු සිට | ගෙන |
| ඉසේ දොස් | හරිමින |
| බිසෝ කප් සිටුවන්න බිම | මැන |
කුරුම්බර හත්කට්ටුවට, මහසොහොන් යකුට
හා තුන් සමයමෙහි යකුට පිදේනි දීම
පෙරයම, මැදියම හා අලුයම යන තුන ්යාමයට කුරුම්බරයින්ට පිදේනි පුදයි. පිදේනි මුට්ටිය කැපකර කවි ගායනා කර මඩුවේ වහලයේ කෙළවර් හතරේ හෝ කත්තිරික්කවල තබයි.
| එරන් ඔංචිල්ලා දෙවියෝ මවා | පෙර |
| රුවන් ගමනකින් දෙවියෝ වැඩම | කර |
| මෙවන් කරුණු දැකලා සිටියේ | අසුර |
| වරෙන් මෙපුද ගන්නට ගිනි | කුරුම්බර |
යකුන්ට පිදේනි දීම
ආතුර හිසේ පිදේනි මුට්ටිය තබා මහසොහොන් යක්ෂයා ඇතුළු සමාගමේ යකුන්ට කවි කියා ආරාධනා කර මඩුවෙන් පිට යකුන් සඳහා වූ තට්ටුවලටත් දහ අට රියන් උස කුරාලයට ගොස් මහසොහොන් යකාටත් පුද කැප කරයි.
| පාට සුදුයි සිය ගත අමු සොහොනට දිලෙයි ඊට | නා |
| කැඩපත සේ මුහු | ණා |
| මිනිය අතකිනි මල් උර | නා |
| බීත වෙලා වර ඒ මහ සොහො | නා |
| සතර වරම් දෙවියන්ගෙ බල | යෙන |
| කකුසඳ කෝණාගම මුනි බල | යෙන |
| රට වට පායන ඉර හඳ බල | යෙන |
| හැන්දෑ සමයම කළ ලෙඩ හරි | මින |
| විට විට මුනි, දහම්, සඟ රුවන සහිත | දරා |
| තුටුකර මෙයින් කිහි රැුළි පුල්වන් පව | රා |
| අට විසියක් සෙනඟ පත්තිනි අතින් | වරා |
| හැට හතරක් සමයන් යකුනි බැස | වරා |
| ඉස වට සැඩපළු දරණ වෙලා | ගති |
| ඇතෙකු කටින් අල්ලාගෙන ලේ | බොති |
| අතකට රන්කුඹු සෙල්ල දරා | ගති |
| මහ සොහොනා සමයමට බලා | එති |
සඟල පේ කිරීම
දෙවොල් මඩුවේ ඉතිහාසය ගැබ් වූ කවි ගයා සඟල වඩා ආතුරයන්ට සුදු රෙද්දකින් සෙත් පතයි
| දිනුඳු කුල අග | පත් |
| දිණා ආසිරි විකු | මත් |
| කාවේරි පුර මහ | ත් |
| සේරමානන් නිරිඳු වැජ | බෙත් |
| නොමනා වන ලෙඩ | ත් |
| එරජ සිරසෙහි හට | ගත් |
| පතිනි දෙවි අඟ | පත් |
| පෙනී සිහිනෙන් කිවුය | මෙපුවත් |
| දිලෙන මිණි බර | නේ |
| සැදී සුරඟුන් ගුව | නේ |
| කෑ මුකය නොදැ | නේ |
| කිමෙක මහ රජ වෙහෙස විඳි | නේ |
| පත්තිනි දෙවි | තෙදින් |
| හලෝ පිරිපත | නොලසින් |
| කෙළි පුද දෙන | ලෙසින් |
| කියා නිරිඳුට ගියා | අහසින් |
| සිව් පහළොස් | රියන් |
| මඩුවක් තනා | සුපසන් |
| සොළසක් යක් | දෙසුන් |
| පේව එසඳෙහි මනා | සුපසන් |
| සඟල ගෙන | සුරතට |
| දුම්මල රැගෙන | වමතට |
| භූමි දෙවි තුති | කොට |
| ගන්න පාවා සඟල | අඳිනට |
සඟලේ විස්තර
| සතර දෙකක් එක් අඟලක් සරභ | ගනු |
| සරස වසා සිටිනා දස රුවට | ගනු |
| සතර එක් අඟුල් බෝපත් තබා | ගනු |
| හිමි සැට දාඟුලයි බෝපත් ලකුණු | ගනු |
| පසඟුල් දිග කනඟුල් අඹ පුළුල | කලා |
| තොසව රැුළි ලමින් අඳවන්ට දෙව් |
|
| නිසල පුබුදු පියුමකි සුවඳින් ලක | ලා |
| මෙලෙසට කටිය වට තබමින් රැළි | ලාලා |
| මෙසේ ලකුණු දැන සත් විදිය | විසිතුරු |
| විසේ සවන් ගුරු ඇදුරන් තෙපුල් | ගරු |
| තොසේ දෙවිඳු වැද නමකර පා | තඹුරු |
| මෙසේ අඟුරු දුම්මල ලා වඩ | මිතුරු |
| අසූ දහස් නරු තබමින් අඳින | සළු |
| විසු තෙතිස් කෝටිය දෙවියන් නිය | ළු |
| අසූ සාර ඉඩහල් උවිඳු සුළකු | ළු |
| ඇසූ පටන් ආවඩමින් මෙකප | මුළු |
පේ බත කැම
පේ බත යනු ඇදුරන් වෙනුවෙන් සකස් කරන විශේෂ ආහාරය
යි. කොට්ටෝරුවා විසින් වෙනම මඩුවක නැවුම් හැළි වලංවල නොඉඳුල්ව මෙම ආහාරය පිසියි. මේ සඳහා කිලිකුණුවලින් තොරව පෙරාගත් වතුරත් එළවලූත් භාවිතා කරයි. මෙම ආහාරය ඇදුරන් විසින් ආහාරයට ගැනීම පේ බත කෑම නම් වෙයි.
වාහල් නැටුමදැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි.
අඹ විදමනදකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැනීමක් ලබාදෙනවා ඇත.
| නම්න් පසිඳු දඹදිව තුල පඬි රට රජ කළ | නිරඳුට |
| යොදුන් ගණන් අඹ උයන් විය එහි මැද සෑදුන | යසට |
| ඇසින් බලා බැරි නිමවන රන්කඳවෙයි ගහේ | පාට |
| ගොසින් පතිනි එ අඹ ගසේ අඹයක පිළිසිද | මොනවට |
| අරි න සැරෙන් පොලූ ගල්කැට වෙඩි සැර ආමුන | පෙරලා |
| කරන සටන් බැරිව සෙනග සිට ආයුධ අත | හැරලා |
| විදින වෙහෙස දැක දිවසින් සක් රජ කරුණා | කරලා |
| රැගෙන දුන්න සහ ඔලගුව මහළු වෙසක් ගෙන | දරලා |
| පුරුක් නවය සන්දිනිසා දුන්න අදියි වර වරක් විදල ඊය | නවන්ට |
| මෙසේ කව් නිරිදුට උඩ | බලන්ට |
| කලක් පවතිනා අණසක ගුවනේ කැරකී | තිබෙන්ට |
| උලක් ඇන්න සේ අඹ කිිරි වැටුණේ පඩි නෙත | මැකෙන්ට |
රාම මැරිල්ල / මරා ඉපැද්දුමරාමාගේ බිරිද මිය ගිය පසු අවමගුලට රෙදි මිලදී ගැනීමට හෙට්ටියකු සොයා බලවත් පරිශ‍්‍රමයකින් පසු හමුවූ හෙට්ටියාගෙන් බලවත් කඩෙත්තු කිරීමෙන් අනතුරුව රෙදි මිලදී ගනී. රාතී‍්‍රනිදාගෙන පසුදා ඇහැරෙන හෙට්ටියාට දක්නට ලැබෙන්නේ රෙදි සොරාගෙන ඇති බවයි. වහා රාම සැක කරන හෙට්ටියා රාමාට තලා පෙලා මරා දමයි. එහෙත් රාමාට නැවත පන දීමට සිදුවන හෙට්ටියාට පත්තිනි දේවිය උදවු කරති. නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විතව මෙම රංගනය ඉදිරිපත් කරයි. වර්තමානයේ ගව්මඩු තුළ රාම මැරිල්ල / මරා ඉපැද්්දුම ඉදිරිපත් කිරීම දුර්ලභය.
දෙවොල් නැටීමමෙහිදී දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩ බැසිම රග දැක්වෙයි. සිද්ද දෙවොල් දෙවියෝ, දෙවොල් දෙවි හත්කට්ටුව, රටවන්දෙවි වේරගොඩදෙවි දෙවොල් බණ්ඩාර, වාහල් හාමුදුරුවො, වාහල දෙවොල්, මලල දෙවොල්්, දෙවෙල්, සීනිගම දෙවි ආදී වශයෙන් දෙවොල් දෙවියන් උදෙසා භාවිතා කරයි.
ඉන්දියාවේ කර්නාටක ප‍්‍රදේශයේ නීලමාලි නැමැති නෞකාපතියෙකු වූ දෙවොල් දෙවියො මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදි කුනාටුවකට හසුව ලක්දිවට ගොඩබසින්නට උත්සහ කළහ. එවිට පත්තිනි දෙවියෝ ගිනිජල් හතක් මවා දෙවොල් දෙවියන් වැළැක්වීමට උත්සාහ කළද රෝගපීඩා නැති කරීමේ වරය අඩ සිනිගමදී ගොඩබැසීමට ඉඩදුන් බවත් සඳහන්ය. දෙවොල් නැටීමේදී දෙවොල් උපත, ලක්දිවට ගොඩ බැසීම කවිි කියා රග දක්වයි. දෙවොල් පද හතකි. දෙවොල් දෙවිලක්දිවටගොඩ බැස්සේ තවත් පිරිවර හත් කට්ටුවක් සමගිනි.
| ඉරුදින ඉරුරැස් සාමි | උපන්නේ |
| සඳුදින සඳ රැස් සාමි | උපන්නේ |
| කුජ දින තෙදරැස් සාමි | උපන්නේ |
| බුද දින බුදු රැස් සාමි | උපන්නේ |
| ගුරු දින ගිනි රැස්සාම් | උපන්නේ |
| කිවි දින ඒ මහ සාමි | උපන්නේ |
| කුඩා සාමි සඳු දිනේ | උපන්නේ |
| සත් දෙන කුමරුන් මෙසේ | උපන්නේ |
| මෙකප පළමුව පහළ අපෙ මුනි රැකි දහම් සිල් ලොව් | තුරා |
| එකළ දඹදිව කුමරුන් සත් දෙන විය සිටු පිළිසිද | වරා |
| පිනට තම සිත නැමි මුනිදුට දෙමින් කටිනය එම | වරා |
| පතා දෙව් වෙමි සිතා කටිනය දෙවොල් දෙවි පුදකළ | වරා |
දෙවොල් දෙවියන් යාපා පටුන, ලණුමෝදර, රීරිගල, ගිංතොට, බෙල්ලන් මොදර, සෙල්ලන්¥ව ගෝණගමුව, හම්බන්තොට, පානදුර ආදී ස්ථානයන්ට ගොඩ බැසීමට තැත් කළත් මුරකා්වලූන් අවසර නොදිම නිසා සීනිගමට ගොඩබැස ඇත.
දෙවොල් භාගෙ කවි| සත් පත්තිනි දෙවි | වන්තී |
| රන් රිදියෙන් ගෙන | යදිතී |
| සත් පත්තිනි වරම් | දෙති |
| යැදපු දෙවෙල් අදින් | නැතී |
| ඉගුරු මිරිස් අබ | සමගින |
| ලූනුද පස් කුලූ බඩු | ගෙන |
| පස්ලෝ කටු ගෙන | සමගින |
| යැදපු දෙවොල් දොස | මෙසියන |
| අද ගොලූ බිහිරන් | අරවා |
| ජඩ පෙළ කැසි මුසු | අරවා |
| සැමදෙවි ආතුර | ගලවා |
| සෙත් සිරි දි | ආවඩවා |
| ආයුත් | වඩාලා |
| කොතලෙන් පැන් | වඩාලා |
| කළසෙත් | මුදලා |
| මෙකළ කාරිය | ආවඩාලා |
| අදිති පිළි සැට්ටත් සොද | තොප්පිද |
| ගනිති අතට සිරියල් හා | මුගුරුද |
| බලති යකුන් දුටු තැන බැට දෙති | තද |
| තෙදැති දෙවොල් දෙවි සෙතදෙන් ලැබ | පුද |
| කපුරු කස්තුරි සදුන් උරලෑ මුවද පිනිදිය කුප්පි | පුරවා |
| අකුරු ලිත්කවි සින්දු වණ පොත් නිමිති වෙද පොත්ද | ලියවා |
| මතුරු මනිත‍්‍රාද දැප කර නැකත් ගිනි චක්රමය | කරවා |
| යතුරු පන්හිත් මූනද දැල් කටු ලියන පොත් පෙට්ටි | පුරවා |
| නොයෙක් රත්නිල් පබලූ මනරන් මුතු මැනික් වයිරෝඩි | ගත් |
| රිදී ද රත‍්‍රන් සලූද ඊසල් වරාගන් තඹ කාඩි | පෙට්ටිත් |
| තඹත් ලෝකඩ දේද පිත්තල යකඩ වානේ ලොහො | කඩාගත් |
| ගෙනත් නැව් ගෝරමුත් ඊයම් තට්ටු ඇද නැව් හතේ | පුරවන් |
| තොප්පිකර උරබාහු කාගුල් ඔටුනු දුන හැද දෙවර | බන්දිද |
| නෙත්ති රත‍්‍රන් මාලපටියද දවුල්ගස් කරමාල | පටියද |
| සැට්ට කම්බිලි සහ මුරි වන්නද සේල බුබුලූ | පටියද |
| ගත්තු පා මුදු වළලූ රසුනඳ ගිගිර සිව්සැට බරණ | සමගද |
| උඩැක්කිත් බෙර රබන් මද්දිලි දවුල් තම්මැට්ටමද | වීනා |
| හඬත් නද තම්බෝරු සක්ගෙඩි පුරන් පේත්තුද කොම්බු | හොරණෑ |
| කුඩත් කොඩි කුඹ දෝලි කූනන් චාමරද සේසත්ද | රැගෙනා |
| කොඩිත් රෙදි නැව් හතට වෙන්කර පංචතූරිය නාද | දෙමිනා |
| කරක්කච්චිද සේල කම්බිලියෙන් තුන් විල්ලෝඩි | ගනිමින් |
| කුලච්චිත් සොද කසා කච්චිද කාල්ලන් පට සේල | හරියන් |
| තඩුප්පුත් සොඳ සීන් කම්බිලි රත්නවල්ලිද කොකිල | පට්ටන් |
| ඉරට්ටුත් පොත් හරිද අබරණ වල්ලිද මුතු දැඩි රැළිද | තොක්කන් |
| රත්න කම්බිලි සේල ඔලියල් පාරු සේලද කිවිසි | විලඹුන් |
| මුත්තු වරියං සේල ගුජ්ජරියනුත් රතු සේරාඩි | කලඹුන් |
| පච්ච වඩමත් කුලූද නිල්වන් සුදු කවද නිල් පිලීලෙන් | යුත් |
| කච්චි මුරිවත් කඳන් කම්බා ඉද්දමල් මුතු වඩිග | කායත් |
| පට්ට පට්මල් තොප්පි උඩ උරමාල සහ පරමදා | සැට්ටද |
| කට්ටු සුරුට්ටුද අමු වඩිගද සැට්ට රතු පගලත්තු | තොප්පිද |
| සැට්ට සන්තන් ඔවක් පටිසත නාගපසලන සම් | සෙරෙප්පුද |
| කට්ටු බැද නැව් පොට්ටි පුරවා ලක්ෂ ගණනක් පැටෙව් | නිවරද |
දෙවොල් දෙවි ලංකාවට ගොඩ බැසිමෙදි බාධාකළ දෙවිවරු ගැනද කවි ගී ගයයි
| සමන්ත කූට පර්වතයක සාසන බාරව | සිටිනෙක |
| සවන් පුරා අසන බණත රකින සීලෙ සිල් | මහිමෙක |
| අතින් දරණ පත් කඩයක නා ගණවැල නිතර | අතක |
| සමන් දෙවිදු යන උතුමෙක දෙවොල් යකුට | බලපෑවෙක |
| ජලෙන් උපන් ජල කුමරක නාථ දෙවියො යන | සුරිඳෙක |
| ඈත සිටන් එනවා දැක දෙවොල් කුමරු ඒ ගල් | නැවක |
| බිත තොටින් ආ උන්දැක යාපා පටුනේ තොට | රැක |
| නාථ දෙවියො යන උතුමෙක දෙවොල් යකුට | බලපෑවෙක |
| අයිල දෙකේ ආ මුණ රැක නැවතුනු හිමි | අයියනායක |
| වෛර බදින හිත තදයක දහිරිය ගැන නොමැති | සෝක |
| ලෙයිද ඇගේ මල් වැල් දැක උනුව ගියේ ඇටගත | නෙක |
| අයියනායක දෙවි උතුමෙක දෙවොල් යකුට | බලපෑවෙක |
| ඇද්ද මෙහෙම බල මහ්ිමෙක ගොසින් ඉපිද අඹ සුද්ද ඇතිව | උයනක |
| පඬිරජු දැක එරන් අඹය විදපු | හනික |
| විද්ද සැනින නැටි කැපුනෙක කිරිවැටිලා නෙත | මැකුනෙක |
| සිද්ද පතිනි තෙද උත-මෙක දෙවොල් යකුට | බලපෑවෙක |
දෙවොල් නැටීමෙදී දෙවොල් දෙවියන්ට ලක්දිවට එන්නට සිදවූ කරුණුත් සිදුවූ බාධාත් දක්වනලද ප‍්‍රාතිහාර්යයන් පිළිබදවත් දෙවොල් කවිවලින් ගයවින් කටයි.
| දෙවි සත් | දෙනගේ-- |
| උපතක් කියමි | ලාගෙ |
| දුක් නිවන | යාගේ |
| කියමි මේ කවි දෙවොල් | බාගේ |
| මුහුදු මනි | මේකලා |
| දෙවි වූ දිවැස් | දැකලා |
| ගල් පහුර | මවලා |
| දුන්නු මෙරට එන්න | නොබලා |
| තෙද දෙවොල් | යක්කූ |
| බහිරව පිල්ලි | යක්කූ |
| ගිනි මදන | යක්කූ |
| එන්න මෙකරට දෙවොල් | යක්කූ |
| ඈත සිටන් ගොඩබැස එන්ඩ | සපිරියේ |
| වැදී කුමක සේ එනවාට | අපිරියේ |
| නොදැන එන්ඩ ඇරියොත් වැරදි | කාරියේ |
| එදැක සමන් දෙවි ගොඩ එන්ඩ | හැරියේ |
| කොතෙක් මෙතර දිය වටකර | වළල්ලේ |
| දෙකක් පසුව ගිය තොටමුණ | ඇසිල්ලේ |
| තොටක් තවත් දුටුවොත් සිත | ලවුල්ලේ |
| තොටක් දැකපු ගොස් දෙවිනුවර | වැල්ලේ |
| එතෙර සිට ඇවිත් උන් කරපු | කාරියේ |
| මෙතෙර ගොඩ එන්ඩ උන් කරන | වීරියේ |
| නොතිර නම් කළායින් වැරැදි | කාරියේ |
| කතරගම දෙවිදු ගොඩ එන්ඩ | නෑරියේ |
| නොදැක කෙලින ගග දියමෙන් සිසිල් උදාරයෙන් පැන ගිනි | වී |
| මැදට සැක නො | වී |
| අදහ සිතින් ලත් අණසකය බොහෝ | වී |
| එදා පතිනි නම තැබුවට දෙවොල් දෙ | වී | | | |
දෙවොල් කඩවත ඇල්ලීමදෙවොල් නැටුමේදී දෙවොල් දෙවියන්ට ඒමට බාධාවන ලෙස සුදු රෙද්දක් කඹයක් සේ අඹරවා අල්ලයි. නැයටුම් ශිල්පීන් දෙමළෙන් සහ දෙමළ අයෙක් වෑයමෙන් සිංහල කතා කරන්නා සේ ගුරුන් සමග සංවාදයේ යෙදේ. විහිළු තහලු පද වරද්දා කීම ආදියෙන් පේ‍්‍රක්ෂකයා ආශ්වාදයට පත්වෙයි.
| දොළසක් දෙවි ගොඩ බැස මෙලකට පිරිවර සමග | එදා |
| බලයක් පෑ තතිනි දෙවිදුගෙන් වරමුත් ලැබ | එමදා |
| කෙළියක් ගිනි කෙලිනා ලෙස ගිනිමැලයේ දුවති | එදා |
| හිලියක් වුණි මෙමුළු ලකට දෙවොල් සුරිදු වැඩිය | එදා |
| තෙද වර පාමින් වර ලැබ පතිනි දෙවිදුගෙන් ලක සොද ලෙස | වට |
| කෙළි පුද ලබවින් වැජඹෙන තම යස | පලකොට |
| අද වැඩියොත් දෙවොල බාගයේ බණ්ඩර දෙවි | පේනට |
| සිද බිද වෙයි සෑම සතගෙ උවදුරු දොස් මුලූ | පූට |
| ලිහිල් නොකර මිනි අබරණ පැළද සුවද | සමගින්නේ |
| විදුලි කළඹ මෙන් දිලිසෙන රන් ආවුද | ගෙනතින්නේ |
| දෙවොල් බාගයේ බණ්ඩර දෙවි පේනට | වඩිමින්නේ |
| සියල් සතගෙ උවදුරු ගිය රිවි දුටු පිනි බිඳු | වැන්නේ |
| සිනිගම | දැකලා |
| ගමරට මැදට | වැඩලා |
| තෙද බලය, | පාලා |
| දෙන්ඩ කෝවිල කර | වදාලා |
| සීනිගම | මැතිදුට |
| දමා ගිනි ජල් ලෙඩ | කොට |
| කර කෝවිලක් | වට |
| දුනොත් ලෙඩ හොඳ කරමි | හනිකට |
| තේජස් | වදාලේ |
| තුන්තානි ගෙන | දෙවෙලේ |
| සුප් කප් | දැලේ |
| කරපු දෙවිදුට ඒ | දේවාලේ |
| කරපු | දේවාලෙට |
| වැඩලා දෙවිඳු | එතනට |
| ලොව හැම | දනන්හට |
| දමා ගිතන් ගති | තදකොට |
| තෙද බලය | පෑවේ |
| අණසක දිව්වේ | වූවේ |
| හැම දොස් | මිදුවේ |
| බලය පෑ දෙවි කෙහෙල් | ගමුවේ |
| සෙනගක් | සමෝගේ |
| කියන ගින්දර | රාගේ |
| එන නැව මේ | කාගේ |
| කියන් එන නැව දෙවොල් | බාගේ |
| ඉස මුව | සෝදමින් |
| පිරිසුදු වතක් | අදිමින් |
| ගසා දුම්මල | සුවදින් |
| ගොසින් විල ළග ගසක් | සොයමින් |
| මිල්ලයක් | දැකලා |
| ගස පිස | දමලා |
| අගුරු දුම්මල | දීලා |
| එත්ලූ මිල්ලය | සොයාලා |
| භගිනි කියන දෙමළ | භාෂාවට |
| දෙගිනි සාව ඇවිලෙති ගිනි | මැලයට |
| මෙගිනි පාගමින් මැල් | නටන්නට |
| එගිනි කුරුම්බර වඩිනේ | පේනට |
| සිද්ද පත්තිනි දෙවි වරම් | දෙන්නේ |
| ලද්ද වරම් තුන් ලොව | විහිදෙන්නේ |
| සුද්ද වංස ඇති දෙවොල් | යකුන්නේ |
| සද්දවසක් ඇදුරා පේ | වෙන්නේ |
| දහ අට බාසයයි කියති | මෙසේයා |
| ලූහු බැද ගිනි පිට නටති | මෙසේයා |
| ලූහුබැද යක් සෙන් දුවපු | මෙසේයා |
| බිය වැද යක් සෙන් දුවපු | රැසේයා |
| තිර හතරක් බිදිමින් | නොලසේයා |
| සරසා වටතිර බදිති | මෙසේයා |
| බිමට එපියවිලි එලූ | පියසේයා |
| ගොසින් එගිනි කඳ සුන් | කරනේයා |
| පිස්ලි වෙලා පනිමින් ගිනි | මැලයට |
| දස්ස වෙලා වඩිනේ අද | පේනට |
| මෙගිනි පාගවින් මැලේ | නටන්නට |
| විස්තර පේනක් කියන්න | හනිකට |
| හත් දවසක් ආයුද ගෙන | සුරතට |
| එක් දවසක පිරිවර ගනනින් | වට |
| දස දහනක් ගිනි රැස් | විහිදෙන්නට |
| සත් දවසක් යැද තිබුනොත් | දෙවිඳුට |
| දහස් ගණන් ගිනි පුපුරු | මෙසේයා |
| දහස කෙළින තරු රැස් | ලෙසිනේයා |
| රෝස් වෙලා යැද තිබුනු | දොසේයා |
| දෝස මුදන්නට නටති | මැලේයා |
| සත් පත්තිනි මැඩම | වන්නට |
| සළඹ හතක් අතට | ගන්ඩ |
| හැදපු දෙවොල් | සන්හිඳෙන්ට |
| දිව සළුවෙන් | ආවඩන්ඩ |
ගිනි පෑගීම
| සිද්ද පතිනි දෙවි නෙතට | පෙනෙන්නේ |
| සැදි සීනිගම තොට දැක | එන්නේ |
| සිද්ද පතිනි ගිනි වැටක් | මවන්නේ |
| වැද්ද නොදී ගිනිකඳු | පාගන්නේ |
| රුසිරු නවදෙන විමන | වඩිනවා |
| හතර ටෙට් දෙවි දිවැස් | බලනවා |
| ගිගිරි සළඹ දෙවොල් දෙවිඳු | දරනවා |
| දෙවොල් දෙවඳු ගිනි කෙළියට | එනවා |
| අග්නි දිගට වැදලා රඹ | තොරණයි |
| රතුපිට පිළියෙන් බැදි උඩු | වියනයි |
| රිදියෙන් රත්තරනෙන් රඹ | තොරණයි |
| දෙවොල් දෙවිදු ගිනි කෙළියට | වැඩියයි |
දොළහ පෙලපාලියපසුදා උදේ දෙවොල් නැටීමෙන් අනතුරුව දොළහ පෙනපාලිය නටයි.
දොළහ දෙවියන්ගේ සිත් සතුටුකර ඔවුන්ගේ ආශිර්වාද ලබා ආතුර පිරිසට සෙත් කිරිම දොළහ පෙළපාලියේදී සිදුකෙරෙයි.
දුම්මල, කහදියර කොතලය, මොට්ටැක්පිලිය, කුඩය, කොඩිය, සේසත, ඇතා, දවුල, තම්මැට්ටම , කොම්බුව, නලාව, යන භාණ්ඩ දොළහ පෙළපාලියේදී භාවිතා කරයි,
ඇත්බන්ධනයමෙහිදී ඇතේක ීමීමෙක් ආදී සතුන් අල්වා දෙවියන්ට පූජා කිර්ම නාත්‍යානුසාරයෙන් රග දක්වයි.
| නැතත් බලැති දොළසත් දෙවියන් | නමට |
| කොතේක් පාලි කෙරුවත් නැත සිත | සතුට |
| මෙතෙක් කර දොළස ආතුර | රැකීමට |
| ඇතෙක් සොයා බැදලා දෙමි | පඬුරකට |
| බලා පුත්තලම් මඩකලපව | හිමයේ |
| බලා ඇවිද වැදි හත්කට්ව | හිමයේ |
| මුලා නොවී තුන් සිටිනාකල | හිමයේ |
| එදා බැඳ දුන්න දෙවිහට | ඇතායේ |
වදුරා
| නැතත් හිම වතේ අතු අග දළු | කන්නා |
| පුතේක් බඩ යටින් එල්ලා ගෙන | එන්නා |
| මදක් රැවුල ඔරවා බිරු සන් | දුන්නා |
| ඇතෙක් දුටිමි ගහනින් ගහකට | පැන්නා |
මුවා
| අං දෙක බරු ලෙසට පිට දඅග | විහිදෙච්චී |
| කං දෙක බට දළුව විලසට | බේරිච්චී |
| තැන් තැන්වල හමේ සුදු ලප | ඉහිරෙච්චී |
| ගම්බිර හොද ඇතේක් අද මට | හමුවෙච්චී |
ඉබ්බා
| තැනත් හිම වතේ තැන් තැන්වල | හිටියා |
| එතෙක් කර කියමි දුටුවේ නැති | සැටියා |
| කොතෙක් වත් මහත නැත ලා සක් | කැටියා |
| ඇතෙක් දුටුමි ඒ දණ්ඩක් උඩ | සිටියා |
ලේනා
| ටිං ටිං ගගා කිතරම රැුව් දී | සිටියා |
| රන්වන් ඉරි තුනක් පිට දිග ඇති | සැටියා |
| යම් තම් හඬක් නැගුනොත් ගහ උඩ | සිටියා |
| මන් අද ඇතෙක් දුටුවා වැට ළග | සිටියා |
ඇතා
| කෙසෙල් කඳන් සේමයි දළ | ඇතාගේ |
| වට්ටි කුළු වගොයි කන්දෙක | ඇතාගේ |
| බැවිල මල් වගෙයි ගෝමර | ඇතාගේ |
| බඳන්න බැරි කිම සාමිනි | ඇතාගේ |
ගරා වෙස් පෑමඇස්වහ, කටවහ, හෝවහ ආදී කසල දොස් දුරු කිරිම ගරාවෙස් පෑමෙන් අපේක්ෂා කෙරේ. වචන මාරුකර කිවිම දෙපිට නැපෙන වචන මෙන්ම අසභ්‍ය වචනද කරා යකා සහ ගුරුන් අතර හුවමාරු කරගනී.
විලක්කු සිටුවීමගරා වෙස් පෑමෙන් අනතුරුව විලක්කු දල්වා ආතුරයින්ට සෙත් පතා වස් දොස්පහ කරයි.(හීන් පන්දම් විශේෂය විලක්කු නම් වෙයි)
| අවුලා | විලක්කු |
| වැන්දෝ දනෝ | එක්කූ |
| දෙව් දොළහ | එක්කූ |
| මෙයින් ගන්නේ ඒ | විලක්ක |
| පැලේ උඩට ගොස් උරගුන් | වැටුනද |
| රැලේ වෙලා කිකිළිය | හැඩලූවද |
| කුලේ වැදූ ඇතු සැවොම මැරෙව් | කවුද |
| බලේ ඇතිව ඉන්දොස යයි මුල් | සිද |
| මූදු රෙළ බෝ පඩිගේ | වැසුවා |
| ගම් බම් වාදය වී | දිවිරුවා |
| දොළහ දෙවිදු හට දොස්කර | වූවා |
| ඉන් ආ වස් දොස් අද දුරු | වූවා |
| ඇල්ලේ මාවත බිම ඉරි | ඇන්දා |
| මලලේ ලා උරගුන් | බැන්දා |
| තෙල්මේ මිහිකත | අනුහසයෙන්දා |
| ඇල්මේ ජලමෙන් දොස ගියේ | බින්දා |
| පානේ රැල් ගඩපිඹලා | නිව්වා |
| යානේ පැදුරට නොකියා | ආවා |
| මානේපොළටය දොස්කර | කීවා |
| මෙතැනේ උවදුරු අද දුරු | වේවා |
මේ ආදී වශයෙන් සෙත් ශාන්තතිකර දලුමුර(බුලත්) පූජාකර දේව දානය දී දෙවොල් මඩුවේ කටයුතු නිමාවේ
1 comment:
❤️
Post a Comment